~12~

238 23 38
                                    


@Ruhan's pov

කට්ටියම ආපහු හොටෙල් එකට ආවා..අද රෑට කට්ටිය නිකම් ගිනි මැළයක් එහෙම ගහලා පූල් එක වටේට හෙන ආතල් එකක් ගන්න ඉන්නෙ..කොහොමත් අදින් මේ ට්‍රිප් එක ඉවරනෙ..තේව් අයියගෙ ගිටාර් එකයි..දිගංචියගෙ ඩොල්කි දෙකයි...තව අයියා කෙනෙක් ටැම්බොරීන් එකක් ගෙනත්..අපේ විහස් මෙච්චර වෙලා ගංගන් ඉඳලා හිටිය Maracas දෙකක් එළියට ගත්තා..මන් හිතන්නෙ මුන් ඔක්කොම මේ ශෝ එකකට ලෑස්තිවෙලාමද කොහෙද ට්‍රිප් එක ඇවිල්ල තියෙන්නෙ..හැබැයි මුන් ආර්ට් කරන එක හෙන අපරාදයක් එක අතකට..අනාගත රටට වැඩක් කරන්න තිබ්බ සංගීතඥයො ටික..

" ආ තමුසෙට...හැබැයි මේක කොහෙවත් දානව එහෙම නෙවේ.."

" දැන් මන්ද ඉස්සෙල්ල- එක්කො මේ වෙලාවෙවත් රණ්ඩු නොකර ඉමු...උදේ ඉඳන් තමුසෙ එක්ක රණ්ඩුවෙලාම ඇතිවෙලා ඉන්නෙ.."

කට්ටිය සින්දු කියන්න ලෑස්තිවෙද්දි අපි දෙන්නා..මායි දිගංචියයි ඩොල්කි දෙක අරන් උන් ගාවට ගියා...කට්ටියම වටේට වාඩිවෙලා ඉන්නෙ..මොනා උනත් අද දවස අමතක වෙන්නෙ නැතිවෙයි...මහීෂ්...ඌ තේව් අයියා එක්කමයි..මෙතන මන් නොදන්න වෙන මොකක් හරි වෙනවද එක්කො..නෑ නෑ..එහෙම එකක්නම් මහියා මට ඕක නොකියා ඉන්නෙ නැහැ කීයටවත්..විහසුත් කිවුව එකේ..

" අහම්..! අහන්න කට්ටිය..! ආරංචියක් ආව අපේ රුහාන් මල්ලිට හොඳට සින්ග් කරන්න පුලුවන් කියලා..මොකෝ කියන්නෙ...! අපි එයාගෙන්ම පටන්ගමුද එහෙනම්..!"

මොනෞත්තක්ද යකෝ ඒ මට ඇහුණෙ..! මට සින්දු කියන්න පුළුවන්..??? යකෝ..මුන් ඔක්කොම මගෙ නම කිය කිය කෑගහනවනෙ..මෙතන මොකක්මහරි- මන් දැක්කා අර දිගංචියා මගෙ දිහාවට හැරිලා හෙන කිණ්ඩි හිනාවක් දානව..හහ්...එහෙනම් මේක මුගෙ වැඩක්...හිටපන් අද තමුසෙට මන් හොඳ වැඩක් කරනව දිගංචියො..! තමුසෙ තාම හරියට දන්නෑ මේ රුහාන්ගෙ හැටි...

" ඇයි දැන් මන් විතරක්..මේ මෙයාටත් හොඳට සින්ග් කරන්න පුලුවන්...ඔයාලා දන්නැද්ද.."

මන් දිගංචියගෙ පැත්තට හැරිලා එහෙම කියද්දි උගෙ මූන නිකම් අපායට ගහපු කැලැන්ඩර් එකක් වගේ උනා...නාගන්නවනම් එකටම නාගමු..මෙතන තනියෙන් මාව විතරක් මුන් ඔක්කොම ඉස්සරහ චොර කරන්න හදන්නෙ...පගයා..!

1'st Person~ || TK Nonfiction ||Where stories live. Discover now