නවවන දිගහැරුම

364 56 33
                                    

Danudh pov"

මම අනෙක් පහුවදා උදේ නැගිට්ටේ ආයු කතා කරාම.එදා මුලු රෑම උනේ මොකක්ද මම දන්නේ නෑ වගේම මම උදේ හිටියේ ආයුගේ කාමරේ.
ස්කූල් එකට යන්න ඕනේ නිසා උදෙන්ම ආයු එක්කම ලෑස්ති වෙලා පහලට බැස්සා..

" ධනුද්!"

කෑම මේසෙන් ඉදගද්දීම වගේ අම්ම ඇවිත් මගෙ ඔලුව අතගාලා මට කතා කරා.

"ම්!"

" දැන් හොදයිද?"

" හොද වෙන්න මට ලෙඩක් තිබ්බේ නෑනේ අම්මා!"

මම මට නොදැනිම ඒක අම්මට කියලා දැම්මා.හොද වෙන්න මට ලෙඩක් තිබ්බේ නෑනේ ඇත්තටම.

උදේට ඉදි ආප්ප එක්ක සම්බෝල  ,පරිප්පු හදලා තිබුනා.ඉදි ආප්ප පහක් විතර දාගෙන පරිප්පු වලින් විතරක් මම කෑවේ සම්බෝල වලට වැඩි කැමැත්තක් කොහොමත් මට නැති නිසා.
ඒකට ආයූ දාගෙන ගිලිනවා දෙකම!!

" යන්නම් අම්මා!"

මම අම්මට දනගහලා වැන්දම අම්මා මගෙ ඔලුව අතගෑවා..ඒත්,

" යන්නම් කියන්නෙපා ධනුද්...ගිහින් එන්නම් කියන්න!"

ආයු එහෙම කියාගෙන අම්මට දනගහලා වදින දිහා මම හිස් බැල්මකින් බලන්  හිටියා.

" ගිහින් එන්නම් අම්මා!"

ආයු කියාගෙනම එලියට බහිද්දී මමත් ආයු පස්සෙන්ම ගියත් තණකොළ පිරිලා තිබුනු මිදුල මැද මම නැවතුනා..
හිමිහිට බෙල්ල හරවලා අම්මා දිහා පිටිපස්ස හැරිලා බැලුවම අම්මා එතන ඉදන් මට අත වැනුවා තමයි...ඒත්,

අම්මට එහා පැත්තේ මම ඊයේ දැක්ක ලමයි තුන් දෙනා මම දිහා බලාගෙන හිටියා..

" යන්නෑද?"

ආයු එහෙන් කෑ ගහද්දී මම ගැස්සුනත් හරි ආයෙ එතන අම්මා විතරක් හිටිය නිසා මම එතනින් කාර් එක දිහාට ගියා..

කාර් එකට නැන්ගත් හරි මම ආයු එක්ක වචන දහයක් වත් කතා කරේ නැති තරම්..ස්කූල් එකට යන පාරේ අතරමග මට පේන ඔක්කොම දේවල්, මිනිස්සු ඇත්තම දේවල්ද එහෙමත් නැත්තම් බොරු දේවල්ද කියන එක විතරක්ම මම ෂටර් එකෙන් එලිය බලාගෙන ඔහේ කල්පනා කරා..

කලු කුමාර || YIZHAN || Ongoing Where stories live. Discover now