දහවන දිගහැරුම

318 58 26
                                    

ඉන්ටර්වල් ටයිම් එකේ යශ්වින් ,ආයූ දෙන්නම එක්ක කෑම ගන්න කැන්ටින් එක පැත්තට ගිහින් දවල්ට දෙන කෑම පාර්සල් තුනක් අරන් එතනම තියෙන මෙසේකින් ඉදගෙන කෑම ගන්න පටන් ගත්තා..

" Opss! Sorry !"

අහම්බයකින් වතුර වීදුරුවක් ගන්න යනකොට මට එහා පැත්තේ තිබුනු යශ්වින්ගේ ෆෝන් එක මගෙ අත වැදිලා බිමට වැටුනා..මම ගන්න හැදුවත් යශ්වින් ෆෝන් එක ගන්න නැවෙද්දී යශ්වින්ගේ T shirt එකෙන් නිරාවරනය වෙන ඒ පපුව මම ඕනේ කමකින් බැලුවේ නැති උනත් මම දැක්කා වගෙම මට ඒ දිහා බැල උනා..

බැලු බැල්මට රත්තරන් මාලයකින් හැඩවෙලා තියෙන ඒ බෙල්ල සුදු පාටට දිස් උනත් මගෙ ඇස් ගියේම යශ්වින්ගේ බෙල්ලේ තියෙන මාලේට.මාලෙත් පෙන්ඩන්ට් එකට!

යශ්වින් නැවිලා ඉද්දී ඒක යශ්වින්ගේ තොල් ලගට වෙද්දී පහලට වැටිලා තිබුනා..ටිකක් ඕනේ කමකින් මම ඒක දිහා බලද්දියි දැක්කේ යශ්වින්ගේ පෙන්ඩන්ට් එක කාටත් වඩා ටිකක් අමුතු වග.
දෙවි ඇදුමකින් සැරසුනු අමුතුම දේව රූපයක් හා සමාන මිනිස් රුවක් යශ්වින්ගෙ පෙන්ඩන්ට් එකේ කැටයම් වෙලා තිබුනා..

" ඒකට කමක් නෑ!"

යශ්වින් ෆෝන් එක බිමින් අරන් ආපහු මගෙ අතට එහා පැත්තෙන්ම තියලා එහෙම කිව්වම  මම හිනා උනා..ආයුට නම් කටකොට කොහොමත් මෙලෝ සිහිකල්පනාවක් නෑනේ.වෙලාවකට ඒක එහෙම වෙන එකම හොදයි.නැත්තම් මෙතන මහ උන්නාන්සේගෙ ප්‍රශ්න වලට උත්තර දීලම මන් මැරෙයි..

ඉන්ටර්වල් ටයිම් එකෙන් පස්සේ වැටිලා තිබුනේ අට වසර විද්‍යා පීරියඩ් එකක්.ඒකටත් ගිහින් උගන්නලා අටවසර පන්තියෙන් එලියට බැහැලා කොරිඩෝ එක දිගේ මම ඊලග පීරීයඩ් එකට යන්න හැදුවත් මොකක් හරි පිපෙරෙන සද්දයකට මාව ගැස්සුනා වගේම මම නැවතුනා..

නැවතිලා වට පිට බැලුවත් මේ වෙලාවෙ ලමයෙක් වත් එලියේ පේන්න හිටියේ නැති නිසා මම ආයෙම ඉස්සරහට යන්න හැදුවත් එක පාරම මගෙ හරහා කවුරු හරි යනවා වගේ දැනුනම මම ඉස්සරහට ගත්ත අඩියෙම ආයෙම නැවතුනා..

ඉස්සරහට හැරිලා හිටගෙන හිටියත් මගෙ පිටිපස්සරහෙන් තව කට්ටියක් ඉන්නවා කියලා දැනෙන ඒ හැගීමට මම ගොඩක් වෛර කරත් මට ඒක ඕනවට වඩා දැනෙනවා..පිටිපස්ස හැරිලා බැලුවත් පේන තෙක් මානෙක කිසිම කෙනෙක් නැති නිසා මම ආයෙම ඉස්සරහට ඇදුනා.

කලු කුමාර || YIZHAN || Ongoing Where stories live. Discover now