එකොළොස් වන දිගහැරුම

300 58 26
                                    

යශ්වින් එතනින් නැගිටලා නිදි ඇදට ආවත් යශ්වින්ට කිසිම සැන්සීමක් තිබුනේ නෑ..හතර වටෙන් යක්කු පෙරේතයෝ කෑ ගහන සද්දවල් වලින් යශ්වින්ගේ කන් දෙක පිරිලා ගිහින් තිබුනා..

ඒත් කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුම් යශ්වින් ඇදට වෙලා ඉදගෙන ෆෝන් එක එබුවා..ජනේලේ ඇරිලා එන සීතල හුලන් නිසා උඩු කය නිරුවත්ව හිටිය යශ්වින්ගේ ඇගෙ දැන් දැන් සීතලට හිරි කඩු පිපෙන්නත් අරන්

වෙලාව රෑ 11,

රෑ එකොලහට කාමරේ ජනෙල් ඇරැන් ඉන්න මිනිස්සු ඉන්නවද ?

" මම දන්නවා උබ ඔතන ඉන්නවා කියලා!"

යශ්වින් ෆෝන් එක දිහාම බලන් කතා කරේ අපහාසාත්මක හිනාවක් ඒ මූනේ ඇදගෙන

" උබ ඔය ජනේලේ උඩ ඉදන් ඉන්නවා කියලත් මන් දන්නවා!"

යස්වින්ගෙ අපහාසාත්මක හිනාව තාමත් එහෙමයි..ජනේලෙන් එන සීතල නිසා එයාට එතන ඉන්නේ කව්ද කියලා අදුන ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

"හහ්...උබට එහෙනම් මගෙ ඉවත් දැනෙනවා!"

ඒ කටහඩ අහන් ඉන්න අස හිතෙන තරම් ලස්සනයි! හරිම මිහිරියි...ඉතින් ගෑනු වශී වෙනවා කියන එක අහන්න දෙයක්ද? ඒකත් පිරිමිවශි නොවී ඉදීද

" ඔව්! උබ පිරිමි ගාවට එද්දී උන්ට දැනෙන සීතල මන් හොදට දන්නවා!"

යශ්වින් ෆෝන් එක ඇදට දාලා ඇදෙන් බැහැලා ගිහින් අල්මාරියෙන් ෂර්ට් එකක් අරන් ඒකත් ඇද ඇදම ඇරලා තියෙන ජනේලේ වහන්න ජනේලේ ලගට ලන් උනා..

" දැන් පලයන්! උබ හිතන් ඉන්න විදිහෙ කිසිම දෙයක් වෙන්නේ නෑ!!"

" වෙනවා!"

" වෙන්නෑ! ඒ නිසා ඔය ජනේලෙන් දැන් අහකට වෙයන් මට නිදාගන්න තියෙනවා!"

යශ්වින් ජනෙල් පියන් දෙක වහන්න අත් දෙක එලියට දැම්මත් ජනේල් පියන් දෙක නම් හෙලවුනේ වත් නෑ...

" මට සැනසීම නැති කරලා උබ නිදාගන්නද හදන්නේ?"

" උබෙ සැනසීම උන්ට කරදර කරලා බලන් ඉන්න එකද?"

" ඔව්.එක්කෙනෙක්ට!"

" හහ්! උබ හිතන දේවල් වෙන්නේ නෑ නීලමදනී (කලූ)!!"

කලු කුමාර || YIZHAN || Ongoing Where stories live. Discover now