𝓔𝓹 026
Author Pov.
විභූ ලගට ආව විවාන් හරි ආදරේන් විභූගේ ඔලුව අත ගාලා දැන ගන්න උවමනා දේ දැනගත් පසූ අණ කිරිමකින් විභූ සහා එයාගේ යාහළුවන් තමන්ගේ ඩිෆෙන්ඩර් එකට යැව්වා..
වැලමිට දක්වා නමලා තිබ්බ ෂර්ට් එකේ ස්ල්විස් දෙක තව උඩට කරමින් විභූව අනවශ්‍ය ලෙස ටච් කරපූ සෙට් එක ලගට ලන් වෙද්දීම වගේ ඩිෆෙන්ඩර් එක ඉස්සරහින් රේස් කරගෙන ආව සුපිරි බයික් තුනක් නැවැත්තුවා ...
අෂ්වික්ගේ සීතල බැල්ම වැටිලා තිබ්බේ අර කොල්ලො ටිකට ... බයික් තුනෙන් බැස්ස කොල්ලො තුන් දෙනා දාගෙන හිටිය ෆුල් ෆෙස් හෙල්මට් තුන බයික් වල හැඩ්ල් වලම එල්ලලා ඇදන් හිටිය ජැකට් එකේ අත් උඩට කරමින් අෂ්වික් ලගට ලන් වුනා..
හරියටම හරි විභූගේ උපකල්පනය.. ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවේ නදුන් , මතිෂ සමග සීතල හදවතක් හිමි සතිෂත් එතන හිටියා...
" අෂ්වික් මුන් ටිකද අපේ පොඩි එකාව අල්ලලා තියෙන්නේ " නදුන් අෂ්වික්ගේ උරහිසට අතක් දාගෙන අහද්දී , එයාලගේ ඉස්සරහා කම්ෆියුස් වෙලා ඉන්න ස්කොලේ කොල්ලො හතර දෙනා නම් හයේ හතරේ සෙට් එක දිහා ටිකක් බයෙන් බලන් හිටියා...
" බැජ් ටික ගලෝපන්.. " සතිෂ දැඩි හඩෙන් කියද්දි මතිෂයි නදුනුයි ස්කොලේ යුනිෆෝම් එකේ හිටිය කොල්ලො ටිකගේ ෂර්ට් එකේ සාක්කුවේ මහලා තියෙන ස්කෝල බැජ් එක සාක්කුව පිටින්ම ඇදලා ඉරලා ගැලෙව්වා..
" මේ මේ ඇයි අර හැඩ කොල්ලගේ අයියලද උබ යුනිෆෝම් එකෙන් ඉන්න අපිටද පාට් දාන්නේ.. " එතන හිටිය එකෙක් කියද්දී , මතිෂයි නදුන් දෙන්නා බැජ් ටික ටිකක් ඈතින් හිටිය ස්කොලෙ කොල්ලෙක්ට දුන්නා...
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Non-Fictionවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...