Chapter 04 ද්‍රෝහීකම

727 129 17
                                    

Prohibited Love 4

"කාලෙකට පසූ.. ඔබ ගොඩක් වෙනස් වෙලා.."

"කුමරුනී, සමාවෙන්න ඔබට ඕනීම වෙලාවේ ඔබ ලග නොසිටියාට.."

ජිමින් කුමරු ඉදිරියේ ඉදගෙන කියනකොට කුමරු කට කොනකින් සිනාසුනා..

"පාක් අමාත්‍යතුමාගේ එකම පුතු.. හහ් ඔබේ මේ චාටු වදන් වලට රැවටුනු මින් යුන්ගී නෙමෙයි දැන් මම.."

"කුමරුනී.."

කුමාරයාගේ වචනවලට ජිමින්ගේ හදවත හිරකරන්නාක් මෙන් වේදනා දෙද්දි ඇස්වලට ආව කදුලු නවත්තගත්තේ ගොඩක් අමාරුවෙන්..

"ඔබගේ පියානන්ගේ දිවිය රැකීමට අවශ්‍ය නම් ඉක්මන් කරන්න.. ඔබේ දිනය නිම වීමට ආසන්නයි.."

ජිමින් තවත් මොකුත් නොකියාම කුමරුට ආචාර කර ඉක්මනින් කුමරුගේ මාලිගයෙන් ඉවතට පැමිනියේ තවත් එක් වචනයක් හෝ පැවසීමට තරම් ශක්තියක් නොතිබූ නිසා.. ඔහු හැකී වේගයෙන් අසු මෙහෙයවූයේ හන් ගග අද්දරටයි.. හන් ගග දෙපස චෙරි ගස්වලින් වැටෙන මල් පෙති නිසා ගං ඉවුරම රෝස පාටයි.. චෙරි ගසකට පිට දුන්න ජිමින් මෙච්චර වෙලා හිර කරන් හිටිය වේදනාව කදුලු කරලා පිට කරා..

"ඔබ වන් කෙනෙක් මෙලෙස හඩා වැටීම ඔබේ තත්වයට ඒ තරම් හොද නෑ නේද?"

"නම්ජුන්? ඔබ?"

"මං මෙතනින් යන අතරේ අහම්බෙන් ඔබව දැකලා නැවතුනේ.."

නම්ජුන් ජිමින් ලගම බිම ඉදගන්න ගමන් කීවා..

"හ්ම්ම්ම්"

ජිමින් පිට අත්ලෙන් කදුලු පිහදාලා හන් ගග දිහා බැලුවේ හැගීම් විරහිතව.. ටිකක් වෙලා යනකම් දෙදෙනා අතර තිබුනේ නිහඩ බවක්.. නම්ජුන් සිතාමතාම ජිමින්ට මුලින් කතා කරන්න ඉඩ හැරියා..

"ඔබෙන් දෙයක් අහන්නද?"

"පවසන්න.."

"ඔබට යම් දිනක ආදරයත්, දෙමාපියනුත් අතරින් කෙනෙක් තෝරගන්න උනොත් තෝරාගන්නේ කවුද?"

"හ්ම්ම්ම්.. මට එහෙම තෝරාගන්නවත් දෙමාපියන් නැහැ.. කැරැල්ලේ දි ඔවුන් ඝාතනය උනා.."

"සමාවෙන්න.."

ජිමින් පහත් ස්වරයෙන් කියලා ආයෙත් ගහට හේත්තු උනා..

Prohibited Love [TaeJin] Where stories live. Discover now