Chapter 8

570 115 3
                                    

ජන්ග්කුක් හොර රහසේම ඇතුල් උනේ පාක් අමාත්‍යතුමාගේ කාමරයට.. කිසිම ශබ්දයක් නොනැගෙන විදියට නම්ජුන් එහි දොරටුව අසල සිටි ආරක්ෂකයාට සිහිසුන් වෙන්න පහරක් එල්ල කලා..

"කවුද ඔබ??"

පාක් අමාත්‍ය අහනකොට ජන්ග්කුක් කට කොනකින් සිනාසුනා..

"ඔබේ මාරයා.."

අමාත්‍යතුමාට හිතන්නවත් ඉඩක් නොතියා ජන්ග්කුක් කඩුවත් අරගෙන ඔහු වෙතට කඩා පැන්නා.. ඒත් ඔහු උපක්‍රමශීලී... ඔහුගේ ආරක්ෂාවට තිබුන කිනිස්ස අතට ගත් පාක් අමාත්‍ය ජන්ග්කුක් දෙසට වැරෙන් වැනුවේ ජන්ග්කුක්ට තුවාල කරන්න හිතාගෙන.. ඒත් ජන්ග්කුක් ඉක්මන්..

ජන්ග්කුක් එල්ල කරපු පා පහරට අමාත්‍යවරයා වැටුනේ ලග තිබුන මේසයකුත් පෙරලගෙන.. මේ සද්දෙට එලිය හිටිය කෙනෙක් එනවා දැක්ක නම්ජුන් ඔහුට නොපෙන්නෙට පිටි පස්සෙන් හිසට පහරක් ගැසුවා..

"කවුද තමුන්?? මගේ බෙල්ලට අසිපත තියන්න තරම් හයියක්??"

ජන්ග්කුක් හෙමින් එයාගේ මුහුන වහගෙන හිටිය රෙදි කඩ අයින් කරලා පාක් අමාත්‍යතුමා දෙසට නැවුනා..

"මේ මූණ හොදට මතක තියාගන්න.. මොකද ආයේ මගේ කුමාරයාගේ ඇගට අතක් හරි තිබ්බොත් මේ ඔලුව මං හන් ගගට දානවා මාලුන්ට කන්න... ඒ නිසා මාව ඔබේ මාරයා කරගන්න එපා.."

ජන්ග්කුක් යාන්තම් අසිපත ඔහුගේ බෙල්ලට තද කරන ගමන් කීවා.. තද කිරිම නිසා ඔහුගේ බෙල්ලේ සුලු තුවාලක් වී ලේ ජන්ග්කුක්ගේ අසිපතේ ගෑවුනා..

"චක්.. මගේ අසිපතේ නුබේ ජරා ලේත් ගෑවුනා.."

ජන්ග්කුක් අසිපත හරවමින් බලන ගමන් කියලා යන්න හැරුනා.. ඒත් පාක් අමාත්‍ය ලගම තිබුන කිනිස්ස ජන්ග්කුක් පැත්තට විසි කරා.. ඒක ඇනුනේ ජන්ග්කුක්ගේ ඉනට ටිකක් උඩින් බද හරියේ..

"ආහ්හ්හ්හ්... තමුන්ට මං...."

ඒ ක්ෂනයෙන් ජන්ග්කුක් ඔහුගේ හිස කදින් වෙන් කලා..

"දෙවියනේ.. පියානෙනී.."

දොර කඩාගෙන වගේ ඇතුලට ආවේ ජිමින්.. පාක් අමාත්‍යගේ බෙල්ලෙන් විසි උන ලේ ජිමින්ගේ ලා නිල් පාට සේද හන්බොක් එකට විසි වෙනකොට ජිමින්ට කෑගැස්සුනේ ඉබේමයි..

Prohibited Love [TaeJin] Where stories live. Discover now