Chapter 9

588 117 3
                                    

මින් කුමාරයා සොක්ජින් එක්ක තම සන්නාහ ඇදුමෙන් ගියේ හ්වරන්ග් පාසලට.. ඒ යනකොටත් හ්වරග්ලා රතු කලු පාට නිල ඇදුමෙන් සැරසිලා අංගනයේ පිලිවලෙට හිටියේ මින් කුමාරයාගෙන් ලැබෙන ඕනම අණක් ක්‍රියාත්මක කරන්න..

"ඔබලා හැමෝම දන්නවා අධිකරන අමාත්‍ය පාක් ඊයේ රාත්‍රියේ ඝාතනයට ලක්වූ බව.. මේ තත්වය උඩ රාජකීය පවුල වගේම අපේ අමුත්තන් වන ලී යොන්ග් යුවරජුගේ ජීවිතය අනතුරේ.. ඒ නිසා මගේ විශ්වාසදායිම සෙබලුන් ලෙස ඔබලා ඕනම අවස්ථාවකට සුදානමින් සිටිය යුතුයි.. ඒ වගේම ඔබලාගේ සටන් පුහුණුකරුවෙකු වූ කිම් නම් ජුන් ඔබලාගේ සේනා නායකයා ලෙස මං පත් කරනවා.."

මින් කුමාරයා හ්වරන්ග්ලාට කතා කරලා හැරෙනකොට ඊට පිටිපස්සෙන් හිටිය සොක්ජින් ඕනෑකමින් හෙව්වේ හන්සොන්ග්ව.. සොක්ජින් ගැන දන්න මින් කුමාරයා සොක්ජින්ට බැල්මක් හෙලලා එතනින් ගියා..

හ්වරන්ග්ලා අතර මුහුනේ කිසිම බයක් නැතුව නම්ජුන් කියන දේ අහන් ඉන්න හන්සොන්ග්ව දැක්ක සොක්ජින් සැනසුම් සුසුමක් හෙලලා කුමාරයා පසුපස කාර්යාලයට ගියා..

"කුමරුනී.."

"පාක් අමාත්‍ය මිය ගිය පුවත දැනටත් දකුණු පලාතට වගේම යුවාන් වෙත ගොස් ඇති.. අපි සුදානම් විය යුතුයි.. වහාම ඔබේ පෞද්ගලික සේනාව එක් රැස් කරන්න.. මට රාජකීය හමුදාවන් විස්වාස නැහැ.."

"මං සූදානම් කරන්නම් කුමරුනී.."

"සොක්ජින්.."

"කුමරුනී?"

යන්න හැරුනු සොක්ජින් ආයේ කුමරු දෙස බැලුවා..

"ඔබ දන්නවා මේ වෙලාව මට ඉන්න එකම විස්වාසවන්තයා ඔබ.. මගේ විස්වාසය කඩ කරන්න එපා.. මේක ඉල්ලීමක්.. ඒ වගේම මේ සටන මගේ සටනක්.. ඒකෙන් ඔබට කිසිම දෙයක් නැති වෙන්න බැහැ... ඔහුව හ්වරන්ග් සේනාංකයෙන් ඉවත් කරන්නම්.. ඔහුව ඈතකට යවන්න දැනට.."

මින් කුමාරයා සොක්ජින්ට කියනකොට දොර ඇරගෙන ආවේ හන්සොන්ග්..

"සමාවෙන්න කුමරුනී මං ඕනෑකමින් ඔබ දෙදෙනාට සවන් දුන්නේ නැහැ.. නම්ජුන් හ්‍යොන්ග් මේක දෙන්න කීවා ඔබට.. ඒත් කුමරුනී.... මට සටන් කරන්න ඕනී.. මාව යවන්න හදන්න එපා.. ජීවිතේ එක පාරක් හරි මං වගකීමක් ගන්න පුලුවන් කෙනෙක් කියලා මගේ සීයාට පෙන්වන්න ඉඩ දෙන්න.."

Prohibited Love [TaeJin] Where stories live. Discover now