Chapter 💛 02

1.6K 290 53
                                    

ඇතුලෙ ඉන්න කෙනා කොහොම කෙනෙක් ද දන්නෙත් නෑ. අනේ දෙවියනේ මට මෙතනදිවත් හොද යාලුවො ටිකක් මුනගැහෙනවනම්. ජීවිතේ යාලුවෙක් නොහිටපු මට යාලුවෙක් කියන්නෙ අලුත් අත්දැකීමක් වගේම ගොඩක් වටින දෙයක්. ඒ වගේම ගෙදරින් පිට මම නිදාගන්න පලවෙනි දවස අද. කලින් කවදාවත් නොදැකපු නොදන්න කෙනෙක් එක්ක එකම කාමරේ ජීවත් වෙන එක මොන වගේ වෙයිද. ප්‍රශ්නය කන්දක් ගොඩ ගැහුනු කුතුහලයෙන් පිරුන හිත පුළුවන් තරන් සන්සුන් කරගෙන මම ඕන දෙයක් කියලා දොරට තට්ටුවක් දැම්මා.

ම්... සද්දයක් නෑ මම ආපහු වතාව ටිකක් හයියෙන් තට්ටුවක් දැම්මා. මේ ලභය නිදිද. නැත්නම් room එකේ නැද්ද. හයියෝ... අද එලියෙ ඉන්න වෙයිද..
මම ආයෙත් දොරට තට්ටු කරන්න හදනකොටම දොර ඇරුනම මම ටිකක් ගැස්සිලත් ගියා.

"අයියෝ... නිදාගන්න දෙන්නකෝ මට මහන්සියි Tae...." කෑගහගෙනම නිදිමතින් අඩවන් උන ඇස් අරින්න උත්සාහ කරන ගමන් පොඩ්ඩක් ඇරුන දොරෙන් එලියට එබුනෙ කවදාවත් දැකලා නැති තරන් කඩවසම් උනත් හුරතල් පෙනුමක් තියන පිරිමි ළමයෙක්. ඒත් එයාගෙ ගැඹුරු කටහඩින් එයා කේන්තියෙන් කියල මට තේරුම් ගන්න පුළුවන් උනත් මුකුත් නොතේරුන ගානට මම සමාව අයදින බැල්මකින් එයා දිහා බැලුවෙ හරියට මම වැරැද්ද කරපු පොඩි ලමයෙක් ඔම්ම දිහා බලනව වගේ.

Joungkook's p.o.v...

' අයියෝ...... අදත් tae හීනෙන් බය වලාද කොහෙද.' මේ අපේ පිස්සු ඒලියන් වෙලාවකට පොඩිඑකෙක් වගේනෙ. අදනම් මට හොදටම මහන්සියි මෙයා බයවෙලා ආවම නින්ද යනකන් කියව කියව ඉන්න එපැයි. මට නං කියවන්න තියා පාං කියන්නවත් පන නෑ.
අදට විතරක්වත් jin hyung ගාවට යන්න කියන්න ඕනේ.තරහ වෙන එකක් නෑනේ. එයත් දන්නවනේ අද මම ගොඩාක් මහන්සි වුණා කියලා.

Jimin's p.o.v...

මාව දැකලා එයා පුදුම වුනා කියලා මට එයාගෙ මූනෙන් තේරුනා. ඒ මුන දැක්කම සීරියස් මූඩ් එකේ ඉන්න මටත් හිනා යන්න එනවා. තොල හපාගෙන හිනාව තද කරගත්ත මම හිනාවෙලා එයාට බෝව් කලත් එයා එහෙන්මම මයි.

"අන්යොන්ග්හාසෙයෝ...මම park ji-min."

මම මම හිනාවෙලා මාව අදුන්වල දුන්නත් එයා ඒ විදියටම හොල්මනක් දැක්කා වගේ පුදුමයෙන් ගල්ගැහිලා මන් දිහා බලාගෙන ඉන්නවා. මේ මොකද මෙයාට එක පාරටම උනේ. මම බැරිම තැන එයාගෙ මූන ඉස්සරහින් අත දෙපැත්තට වැනුවාම ඇහි පිලීලම් කීපයක් ගහපු එයා එක පාරටම කෑගැහුවාම මම ගැස්සිලා ගියා.

My Angel. 《Completed》Donde viven las historias. Descúbrelo ahora