36 parts Complete හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ?
කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ?
මගේ කියලා හිතේ කොටලා තිබ් බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ?
හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කරන් හිත හදා ගන්න වුන රැයවල් ගෙවලා තියෙනවද ?
කෑගහලා අඩන්න ඕන වෙලත් හැමෝටම පේන්න හිනා වෙලා හිටපු දවස් තිබිලා තියෙනවද ?
ඉතින් එහෙම මොහොතවල් එහෙම හවස්
එහෙම රැයවල්
එහෙම දවස්
උබට තිබිලා තියෙනවද ?
එහෙම තිබිලත් උබ තාම ජීවත් වෙනවද ?
මම නම් මැරිලා දැන් ගොඩක් කල් දරා ගන්නම බැරි තැන