1 කොටස

4.8K 506 120
                                    

"කෝ මේ කට්ටිය... කොහේ ගිහින්ද අද මේ හවස් වෙන්නත් එනවා නේ..."

කට්ටිය එනකන් මම බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව.එතකොටම දොර ඇරුනා.හරියට මට මතක් උනේ මේ ලගදී අපි බලපු හොල්මන් ෆිල්ම් එක..ඒත් එක්කම...

"බුහාහ්හ්හ්හ්හ්හ්..."

"අම්මෝ යකෝව් හොල්මන්..." මම කඩාගෙන බඩුපෙරලගෙන දිව්වා.

"හෝව්...හෝව්...ජිමිනෝ...මේ අපි කොල්ලො...ඔය කොහෙද දුවන්නෙ..."

ජින් හියුන්ග් පස්සෙන් දුවන් ඇවිත් මාව අල්ලගෙන බදාගත්තා.එතකොටත් මම බයෙන් ගැහෙනවා..එයාටත් තේරෙන්න ඇති මම බය වෙලා කියලා..ඔව් එයාට තේරෙන්න ඇති...

"යා...ටේ , කුකී ඔයාලා කරපු වැඩෙන් ජිමිනා ගොඩක් බය වෙලා... බලනවා අර ගොඩක් ගැහෙනවා ජින් ගේ ඇගේ..."

නම්ජූන් හියුන්ග් එයාලා දෙන්නටම කෑගහන්න පටන් ගත්තා...

"මියානේ ජිමින් අපි හිතුවේ නෑ එච්චරටම ඔයා බය වෙයි කියලා.." ටේයි කුකීයි ගොඩක් දුකින් කිව්වා.හරියටම වැරද්දක් කරලා ටීචර්ට සොරි කියනවා වගේ...

"හරි හරි දැන් ඕවා ඉවරයි..හැමෝම ගිහින් වොශ් එකක් දාන්න යන්න..."

ජින් හියුන්ග් හැමෝටම අණ කලා.ඒ එක්කම එයා මාව අඩගහගෙන ගියා කාමරේට...

"ජිමින් මොකෝ දැන් බය ඇරුනද... හයියෝ අරුන් දෙන්නා කෑගහපු කෑගැහිල්ලට මමත් ගැස්සුනා ඒ වෙලාවේ..."

ජින් හියුන්ග් මගේ බය අඩු කරන්න එක එක ඒවා කිය කිය ඉද්දී අපි හිටපු තැනට හේසෝක් , යුන්ගී , ටේ , කුකී හතර දෙනාම ආවා.හැබැයි නම්ජූන් හියුන්ග් පේන්නවත් හිටියේ නෑ...

"ඒක නෙමෙ ජිමිනෝ...අපි මොකක් හරි ඒ කිව්වෙ මේ ෆිල්ම් එකක් බලමු ද... මොකො කියන්නෙ.." ටේ මගෙන් ඇහුවා

"ඒකනේ...අපි එදා වගේ හොල්මන් ෆිල්ම් එකක් බලමුකෝ..." කුකී උඩ පැන පැන ආසාවෙන් පොප්කෝන් පෙට්ටියකුත් අතේ තියාන් කෑගැහුවා...

"යා... ඔයාලා දෙන්නා මෙයාව බය කලා මදිවට දැන් හොල්මන් ෆිල්ම් බලමුත් කියනවද ආ..."

𝑶𝒏 𝒕𝒉𝒆 𝒘𝒂𝒚 ||•ʜᵒʳʳᵒʳ ғғ• ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓حيث تعيش القصص. اكتشف الآن