4 කොටස

1.4K 367 48
                                    

ඒ මුහුණු දෙකෙන් අපිට කියන්නේ අමුතු දුක්බර කතාවක් වගේ....ඒත් එක්කම හැම පැත්තම අදුරු වෙනවාත් එක්කම
කිසියම් රූප රාමු පෙලක් මට පේන්න පටන් ගත්තා....

ඒ ගෙදරක් මට පෙනුන හැටියට... හැමතැනම අදුරු ගුප්ත බවක් පෙනුනා..
ඒ ගෙදරට මම පය තියනවත් සමග අදුර මකාගෙන සුදු පැහැති තිව්‍ර ආලෝකයක් ආවා...

ඒ ගෙදර සිටියේ අන් කවුරුත් නොව ජින් හියොන්ග්ව තුවාල කල පිරිමි ආත්මය..
ඔහුගේ මුහුණ ඉතාමත් දීප්තිමත් කඩවසම් මුහුණක්...

ක්නොක් ක්නොක් ක්නොක්...

කවුරුන් හෝ දොරට තට්ටු කරන ශබ්දයක් සමග පිරිමි පුද්ගලයා නැගිටලා දොර ඇරීමත් සමග ගැහැණු කෙනෙක් දුවගෙන ඔහුව තදින් බදාගත්තා...

"ඉයුන්හා මොකද මේ රත්තරනේ..." පිරිමි කෙනා බදාගෙන ඇහුවා... ඒ හිටියේ මගේ පිට තුවාල කල ආත්මය...
ඇය ඉතාමත් සුන්දර කාන්තාවක්... කලින් තිබුණු මුහුනේ විරූප බව අංශු මාත්‍රයක්වත් තිබුණේ නැහැ ඇයගේ...

"අනේ ජන්හියුන් අනේ කවුද කට්ටියක් මේ පැත්තට එනවා පන... අනේ ඔයා ඉක්මනට යන්න... නැත්තම් ඔයාව මරාවි.." ඇය හයියෙන් අඩ අඩ කෑගැහුවා... මට එතනට යන්න ඕනේ උනත් කාටවත් මාව පේන්නෙ නෑ..

ඒත් එක්කම දැක්කේ පොසිලේන් ගල් අල්ලපු පොලොවේ රක්ත වර්ණයේ ලේ පැහැති බිංදු තියෙනාවා...

"මන් කොහොමද ඔයාව දාලා යන්නේ... මැරුණත් මන් ඔයාව දාලා යන්නේ නැහැ ඉයුන්හා..."

පිරිමි ආත්මය නොහොත් ජන්හියුන් කියන පුද්ගලයා කෑගහගෙන බදාගත්තා.. ඔවුන්ගේ ආදරය සුලු පටු ආදරයක් නොවන බව වචන වලින් කියාපායි....

ඒත් සමග ඔවුන්ගේ දොර කඩන් ඇරුනා... එතන ඉදියේ.... එතන ඉදියේ වෙන කවුරුත් නෙමෙ !!!!!!!

 එතන ඉදියේ වෙන කවුරුත් නෙමෙ !!!!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑶𝒏 𝒕𝒉𝒆 𝒘𝒂𝒚 ||•ʜᵒʳʳᵒʳ ғғ• ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now