8 කොටස

1K 297 30
                                    

අපි පස්දෙනා සීරුවෙන් සෙමින් සෙමින් ගුහාව ඇතුලට ගියා.. හැමතැනම අදුරු නමුත් කුඩා ආලෝකයක් විහිදුණා..

"අර පැත්තෙන් එන්න.."

යුන්ගී හියොන්ග් කියද්දී අපි පස්දෙනාම ලිදක් දැක්කා.. ඒකේ ඇතුලටම ලොකු තව උමගක් වගේ තිබ්බා..

"මොකද කරන්නේ.. අපි මෙතනින් පහලට යන්නද හදන්නේ.."

"ඔව් ටේ අපි මෙතනින් යන්න ඕනේ පහලට.."

ජින් හියුන්ග් ඉස්සෙල්ලම ලිදෙන් පහලට ගල් අල්ලමින් පහලට යන අතරේ ටේ , ජූනි හියුන්ග් එකපෙළට පහලට යන්න පටන් ගත්තා..

"ජිමිනා යමු.. ඔයා නගින්න.."

"නෑ හියුන්ග් යන්න මන් පස්සේ එන්නම්."

"බෑ.. ඇයි පැනලා දුවන්නද මෙතනින්."

හියුන්ග් ඇයි එහෙම දෙයක් ඇහුවේ.. මන් එහෙම දෙයක් අදහස් කලේ නැහැ..

"ආනියෝ ජිමිනා මං විහිලුවක් කලේ.. අනේ සමාවෙන්න.. මං හිතලා නෙමෙ කිව්වේ.."

"කමක් නෑ මන් යන්නම්"

මන් මූනම වැහෙන්නම හූඩි එකෙන් වහගෙන පහලට බහින්න පටන් ගත්තා..

සරස්....

"බලාගෙන ජිමිනා.."

"ඕහ් ආව් බලාගෙන චිමි.."

මගේ කකුල ලෙස්සලා පොඩි ගල් කැටයක් පහලට වැටිලා ජූනී හියුන්ග් ගේ ඔලුවට වැදිලා..

"හියුන්ගී.. අමාරුයි ද .. මට සමා..වෙන්න.."

"අයියෝ චිමි ඒකට කමක් නෑ.. කටවහගෙන පහලට බහින්න.."

උමං මාර්ගයේ අවසානයටම අපි පස්දෙනා ආවා..

"අම්මෝහ් මගේ කොන්දහ්.." ජින් හියුන්ග් කොන්දත් අල්ලන් කියවන්න පටන් ගත්තා..

"ස්ස්ස් ඒයී... ඔයාට මෙතනට හොල්මනව ගෙන්න ගන්න ආසයිද.."

ටේ ඇවිත් ජින් හියුන්ග් ගේ කට අතින් වහගෙන කනට කොදුරන්න ගත්තා..

"හරි ජූනී ඒක ගන්න එලියට.."

"දේ.."

ජූනි හියුන්ග් සයිඩ් බෑග් එකෙන් එලියෙන් ලොකු හිස්කබලක් ගත්තා..
ඒක කොච්චර පරණ උනත් පුදුම ගදක් ඒකේ තිබ්බේ..

𝑶𝒏 𝒕𝒉𝒆 𝒘𝒂𝒚 ||•ʜᵒʳʳᵒʳ ғғ• ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Onde histórias criam vida. Descubra agora