💋First Kiss💋

1.7K 184 14
                                    

💋 වැම්පයර් හාදුව 💋

👉 පලමු දිගහැරුම 👈

" එමා....ඉක්මනින් ලෑස්ති වෙන්න ලමයෝ...ඔයා තාමත් නිදිද? අද කොලේජ් යන පලවෙනි දවස පරක්කු වෙන්න හොඳ නෑ ."

"අනේ...ඉන්න අම්මා තාම හතයිනි.තව ටික්කින් ලෑස්ති වෙන්නම් ."

මම එමා පීටර්සන්.අවුරුදු විස්සක ගෑනු ලමයෙක් .නිම් පීටර්සන්ගෙයි නතාෂා පීටර්සන්ගෙයි එකම ලමයා මම තමයි.ආ...සොරි දැන් අම්මා නතාෂා පීටර්සන් නෙමේ නතාෂා ෆෙරෝස්.අවාසනාවකට එයාලා දැන් ඩිවෝස් වෙලා.ඒ දෙන්නා හරිම ආදරෙන් හිටියෙ ඩිවෝස් උන හේතුව මං අදටත් දන්නෙ නෑ .මගෙ තාත්තා කොරියන් ජාතිකයෙක්.අම්මා බ්‍රිතාන්‍ය.මගෙ පෙනුම අම්මගෙ වගේමයි වෙනසකට තියෙන්නේ තාත්තගෙ වගේ නිල්පාට ඇස් දෙකක් තියෙන එක විතරයි.අම්මයි තාත්තයි ඩිවෝස් උනාට පස්සෙ මට  අම්මා ගාවට යන්න උනා .ඩිවෝස් උන ගමන් තාත්තා වෙන කෙනෙක්ව බැන්දා .තාත්තා අම්මටයි මටයි ඉන්න ටවුමෙන් ටිකක් ඈතට වෙන්න ගෙයක් අරන් දුන්නා.ඒ වගේම අපි දෙන්නගෙ වියදම් බලාගත්තෙත් එයාම තමයි.ඉඩ ලැබෙන හැම වෙලාවකම තාත්තා අම්මට කෝල් කරලා අපේ සැපදුක් බැලුවා .ඒ වගේම හැම ඉරිදාකම මාව ඇවිදින්න එක්කන් යන්නත් එයා අමතක කරේ නෑ .ඒක නිසා එයාලා ඩිවෝස් උන එක මට ලොකුවට බලපෑවෙ නෑ .අද තමා මං මෙහෙ කොලේජ් එකට යන පලවෙනි දවස .පාරිසරික විද්‍යාඥයෙක් වෙන එක තමා මගේ බලාපොරොත්තුව .

"ලමයෝ....දැන්වත් නැගිටිනවා දැන් වෙලාව අටට කාලයි.මුල්ම දවසේ පරක්කු උනා ."

"දෙවියනේ....අටට කාලද? ඇයි අම්මෙ මාව නැගිට්ටුවෙ නැත්තෙ ?"

"මම කතා කරා ඔයයි නැගිට්ටේ නැත්තෙ .දැන් කාලා යන්න වෙලා නෑ   කොලේජ් එකට ගිහින් මොනාහරි කන්න .දැන් ඉක්මනින් ලෑස්ති වෙන්න .මං කාර් එක ගන්නම් ."

කොයිතරම් වේගෙන් ලෑස්ති උනත් මං  කොලේජ් එකට යද්දී ඒක පටන්ගෙන .පලවෙනි දවසෙම පරක්කු උනා .මං ක්ලාස් එකට යද්දී ලමයි හැමෝම ඇවිත් හිටියෙ .හැබැයි මගෙ වෙලාවට මහාචාර්යතුමා ඇවිත් හිටියෙ නෑ .පිටිපස්සට වෙන්න තිබුන මේසයක මං ඉඳගත්තා.ලමයි හැමෝම අමුතු විදියට මං දිහා බැලුවා .කොල්ලොනම් මට හිනා උනා .ඒත් කෙල්ලො ගොඩදෙනෙක් මට රැවුවා.උන්ට ඊර්ෂ්‍යා ඇති මං ඉතින් ලස්සනයිනි.ඔන්න මහාචාර්යතුමා ආවා.පලවෙනි දවස නිසා මං හොදට දේශනේට සවන් දුන්නා .උදේ දේශනේ ඉවර උනාට පස්සෙ මං ඉක්මනින් කැන්ටිමට ගියා මට මාරම බඩගිනියි.සැන්විචර්ස් දෙකකුයි බර්ගර් එකකුයි අරගෙන මැද්දට වෙන්න තිබ්බ ටේබල් එකක වාඩිවෙලා කන්න පටන් ගත්තා .

💋The Vampire Kiss💋 (complete✔️)Where stories live. Discover now