💋Eleventh Kiss💋

441 102 12
                                    

💋 වැම්පයර් හාදුව 💋

🦇️ එකොලොස්වන දිගහැරුම

"දැන් අපි ගෙදර යමු මැණික  දැන් හොදටම හවස් වෙලා.ඔයාගෙ අම්මා මට නැත්නම් බනියි."

"ආහ්....මෙයා නැන්දම්මට මාර බයක්නි තියෙන්නේ .."😊😊😊

"බයක් නෙමේ...මට නැත්නම්  ආයෙ දවසක ඔයාව එලියට එක්කන් යන්න දෙන එකක් නෑ පලවෙනි දවසෙම පරක්කු වෙලා ගියොත් ."

"හම්....එහෙනම් අපි යමුකෝ ..."

ජින්ගෙ ශක්තිමත් දෑතේ මගෙ දෑත්  පටලවාගෙන ලැවීනියා කන්දට සමුදීලා අපි ගෙදර ආවා .අපි එනකන් අම්මා මගබලන් ඉදලා.

"මං මග බලන් හිටියෙ තවත් පරක්කු මොකද කියලා .තව ටිකක් බලලා කෝල් කරන්න හිටියෙ .."

"ඇයි අම්මෙ  හදිස්සියක්ද?"

"ඔව් හදිස්සියක් තමයි .ඔයා ජින්ව පිටත් කරලා එන්නකෝ...."

"අම්මට මොනා වෙලාද මන්දා ..පැටියො ඔයා ගිහින් රෑ වෙලා එනවා නේද ?"

"අනේ...මැණික අදනම් මට රෑට එන්න වෙන්නෙ නෑ ..මට පොඩි වැඩක් තියෙනවා .අද දවල් දවසම ඔයත් එක්ක හිටියනි ."

"හම්.....හරි කමක් නෑ ..."😡😡

මම මූන එල්ලගෙන පැත්තකට උනා..

"තරහ වෙන්න එපා ඉතින් ... "😃😃

මාව පපුවට තදකර ගත්ත ජින් මගෙ නහය එයාගෙ නහයෙ වද්දලා කිතිකැව්වා ..

"අනේ....මට කිති....නවත්තන්කෝ...'"

"බෑ......තරහ නෑ කියනකන් නවත්තන් නෑ ..."

"අනේ...හරි හරි තරහ නෑ ..."

මම හිනාවෙන ගමන් කීවා ..මාව තව ටිකක් ජින්ගෙ පපුවට තදකර ගත්ත එයා මගෙ නලලට හාදුවක් දීලා හෙට ආයෙමත් එන පොරොන්දුව පිට යන්න ගියා ..ජින් නොපෙනී යනකන්ම බලාගෙන හිටිය මට මගෙ ඇඟේ කෑල්ලක් නැති උනා වගේ වේදනාවක් දැනුනා ..දැන්නම් මට ජින්ගෙන් ඈත්වෙලා එක මොහොතක්වත් ඉන්න බෑ ...තවත් පරක්කු උනොත් අම්මගෙන් බැනුම් අහන්න වෙන නිසා මම අම්මව හොයන් ගේ ඇතුලට ආවා..

"මොකක්ද අම්මෙ හදිස්සියක් කීවෙ ?"

"අද මිසිස් සිල්වියාගෙ දුවගෙ එන්ගේජ්මන්ට් එක ඉතින් ඒකට යන්න තියෙනවා .ඉක්මනින් ලෑස්ති වෙන්න ."

💋The Vampire Kiss💋 (complete✔️)Where stories live. Discover now