💋Nineth Kiss💋

453 99 8
                                    

💋 වැම්පයර් හාදුව 💋

🦇️ නවවන දිගහැරුම

"උබ කට පරිස්සම් කරගෙන හිටපන් ජූන් .නැත්නම් මට උබ මගෙ යාළුවා කියන එක අමතක වෙයි."

"මම උබට බය නෑ ජින් .උබට වඩා හොදට මට පුළුවන් එමාව බලාගන්න .ඒ වගේම එයාට මොනාද ඕනි කියලත් මම දන්නවා ."

"ඒ කිසිදේකින් වැඩක් නෑ ජූන් එමා ආදරේ මට.උබ කොයිතරම් උත්සාහ කරත් එමා උබට අයිති වෙන්නෙ නෑ ."

"එමා.. මටත් ආදරෙයි ජින් ..."

"ඒ උබ හිතන විදිය ජූන් ...ම⁣ට දුකයි උබ ගැන ."

"එමා...මට ආදරෙයි කීවා ..ඒක උබට අමතකද?"

"අනේ.... ප්ලීස් ...දැන්වත් ඕක නතර කරන්න .දැන් මට ටිකක් සීතල අඩුයි .අපි යමු ඩිනර් එකට අම්මලා අපිව හොයනවත් ඇති."

"ඒත් පැටියො ඔයාට ඔය ඇඳුමෙන් එතෙන්ට යන්න බෑ නේද ?"

"ආහ් .. ඔව් ඒත් ජින් දැන් ගිහින් ඇඳුමක් ඇදන් එන්න වෙලාවක් නෑනි ."

"ඔයා යන්න ඕනි නෑ .මම ගිහින් ඇඳුමක් අරගෙන එන්නම් ."

"ඔයාට එච්චර ඉක්මනට ඇඳුමක් අරන් එන්න බෑනේ ."

"අයියෝ....ලමයො ඔයාට හැමවෙලේම අමතක වෙනවා මම වැම්පයර් කෙනෙක් කියන එක."

"ආහ්....ඔව්නි .හරි ඔයා ඉක්මනට එන්න ."

ජින් ගියාට පස්සෙ මම කූඩාරමෙන් එලියට ආවා .

"එමා.....පැටියො ඔයා එලියට යන්න එපා එලියෙ සීතලයි."

"ම⁣ට දැන් සීතල අඩුයි නම්ජූන් .ඔයාට තෑන්ක්ස් මාව උනුසුම් කරාට."

"ඔයා මාවත් උනුසුම් කරා පැටියො ."

"මොකක්?"

"නෑ...මුකුත් නෑ .."

"ඔයා....ජිනී එක්ක රන්ඩුවට යන්න එපා....එයත් එක්ක හැප්පෙන්න ඔයාට බෑ .."

"ඇයි? එයා වැම්පයර් කෙනෙක් නිසාද? ඔයා වෙනුවෙන් මං යකෙක් එක්ක උනත් සටන් කරනවා ."

"ඒක පිස්සුවක් නම්ජූන් .ඇයි ඔයාට මං කියන දේ තේරෙන් නැත්තෙ?"

"මට නෙමේ ඔයාටයි මං කියන දේ තේරෙන් නැත්තෙ .මනුස්සයෙක්ට වැම්පයර් කෙනෙක් එක්ක ජීවත් වෙන්න බෑ ..ඇයි ඔයා ඒක තේරුම් ගන්නෙ නැත්තෙ ?"

💋The Vampire Kiss💋 (complete✔️)Where stories live. Discover now