💋Fourth Kiss💋

601 135 8
                                    

💋 වැම්පයර් හාදුව 💋

🦇️ සිව්වන දිගහැරුම

ඒ දවස් දෙක ඉක්මනින් ගෙවිලා ගිහින්  පුරහඳ පායන දවස උදා උනා.එමා එන්න එන්නම ඇටසැකිල්ලක් වගේ කෙට්ටු වෙද්දී  එමාගේ දෙමාපියන්ගෙ හිත් භීතියෙන් වෙව්ලුවා .එයාලා ලෑස්ති උනේ එමාව වෙන හොස්පිටල් එකකට ගෙනියන්න .මේ වෙනකොට නම්ජූන් හිටියෙත් ගොඩක් බයවෙලා.ජින් තමන් කරපු දේ ගැන ගොඩක් පසුතැවුනා. ජින් වැම්පයර් කෙනෙක් කියලා දැනගත්තාම එමා තමන්ව ප්‍රතික්ෂේප කරයි කියලා ජින් බය උනා.ජින් හැමදාම රෑට ගිහින් එමාව බලලා ආවා.එමාගෙ දෙමව්පියෝ එමා ගැන දුක් වෙනවා දකිද්දී ජින්ට තමන් ගැනම ලොකු තරහක් ආවා.තව ⁣ටිකක් තමන්ව පාලනය කරගත්තනම්  මෙහෙම දෙයක් වෙන්නෙ නෑනි .

"ජින් අදයි දවස උබ එමාට හාදුව දීලා එයාව සනීප කරපන්.බලපන් උබ කරපු වැ⁣⁣ඩේ හින්දා එමාගෙ දෙමව්පියෝ කොච්චර දුක් වෙනවද කියලා ."

"මං ඒ ගැන පසුතැවෙනවා ජූන් .මගෙ වගකීමක් නැති වැඩ නිසයි මෙහෙම උනේ.උබ එමාට ලංවෙලා ඉන්නවා බලන්න බැරි නිසයි මං හැමවෙලේම අසිහියෙන් හිටියෙ ."

"ජින් මට පොරොන්දු වෙයන් එමාට උබ දුකක් දෙන්නැතිව බලාගන්නවා කියලා ."

"අපි මිනිස්සු වගේ නෙමේ ජූන් .වැම්පයර්ලා ජීවිත කාලෙටම එකම එක්කෙනෙක්ට විතරයි ආදරේ කරන්නෙ .ඒවගේම ඒ කෙනාව ගොඩක් ආදරෙන් රැකගන්නවා.ඒත් මං වැම්පයර් කෙනෙක් කියලා එමා දැනගත්තාම එයා මට ආදරේ කරන එකක් නැති වෙයි ජූන් .එමා මට බය වෙයි "

"එමා කොහොම වෙයිද කියලා දැන්ම අපිට කියන්න බෑනි .අනික ආදරේ කියන දේ එහෙම නැති වෙන්නෙ නෑ ජින්."

එදා මැදියම් රැයේදී  ජින් එමා ගාවට ආවා .එමාගේ හිස ආදරයෙන් පිරිමැද්ද  ජින් ඇගේ නලලත සිපගත්තා .

"මට සමාවෙන්න මගෙ පුංචි සුරංගනාවි.මං නිසානි ඔයාට මෙහෙම උනේ.ඔයා අය මගෙ මූනවත් බලන එකක් නෑ .මං මගෙ පනටත් වඩා ඔයාට ආදරෙයි ."

රාත්‍රී දොලහට රෝහලේ ඔරලෝසුව නාද වෙනවත් සමගම ජින් එමාගෙ තොල් සිපගත්තා .ඒ සමගම එමාගේ වැහැරී ගිය ශරීරය ආයෙමත් කලින් තිබුනු තත්වෙට  පත්වුනා .ඒත් තාම එමාට සිහිය ආවෙ නෑ .එයාට සිහිය එන්න තව පැය දෙකතුනක් යනවා.ඉතින් ජින් ආයෙමත් එමාගේ නලල සිපගෙන වවුලෙක් බව⁣ට පත්වෙලා ජනේලෙන් පිටතට ආවා.පැය දෙකතුනක් යද්දී එමාට සිහිය ආවා.එමාට එකින් එක සිද්ද උනු දේවල් මතක් වෙන්න ගත්තා .

💋The Vampire Kiss💋 (complete✔️)Where stories live. Discover now