💋Third Kiss💋

637 140 5
                                    

💋 වැම්පයර් හාදුව 💋

🦇️ තුන්වන දිගහැරුම

"එමා....ඔයා පොඩ්ඩක් ඉන්න .මං ජින්ව ටිකක් බලලා එන්නම් .එයාට අද ටිකක් සනීප මදි."

එහෙම කියලා නම්ජූන් ජින්ව බලන්න ගියා.එකපාරටම මොනා උනාද මන්දා එයාට.

"ජින්.....මචන් ඔහොම හිටපන්.උබ හොඳින්ද ?මොකද එකපාරටම උනේ ?"

"මට උනුදෙයක් නෑ ජූන් .ඇයි උබ ආවේ ?පලයන් එමා....බලාගෙන ඇති."

"ඔව්..මං එයාට ටිකක් ඉන්න කියලා ආවේ උබව බලලා යන්න ."

"මගෙ මොනා බලන්නද? උබ පලයන්.මම යනවා ගෙදර මට ඔය විකාර බල බල ඉන්න බෑ ."

"හරි මචන් පරිස්සමෙන් පලයං .මතක ඇතිව උබේ බෙහෙත ගනින් ."

නම්ජූන් ඉක්මනින්ම ආපහු ආවා.

"මොකද ජූන් උනේ ?ජින් හොඳින්ද ?"

"ඔව් එමා එයාට ප්‍රශ්නයක් නෑ .ජින් ගෙදර යනවා කීවා .අපි ප්‍රැක්ටිස් පටන් ගමු ."

අපි ඩාන්සින් ප්‍රැක්ටිස් ඉවරවෙලා ගෙදර යද්දී හොඳටම හවස් උනා .මං ගෙදර  ගියපු  ගමන් වොෂ් එකක් දාලා කෑම කාලා නිදාගන්න ගියා .අද හරිම මහන්සි දවසක් .නම්ජූන්ට හොඳට ඩාන්ස් කරන්න පුළුවන් .මාත් ඩාන්සින් ක්ලාස් ගියපු නිසා එච්චර අවුලක් උනේ නෑ .අපේ කෝච් කීවා අපි දෙන්නා තරමක් දුරට හොඳ මට්ටමක ඉන්නවා කියලා .පහුවදා ටිකක් උදෙන්ම මං කොලේජ් ගියා .මගෙ ප්‍රොජෙට් එකේ වැඩ ටිකක් කරන්න හිතාගෙන.මං යනකොට මුළු කොලේජ් එකටම හිටියෙ මාත් එක්ක ලමයි දෙන්නයි.අනිත් ලමයා ජින් .එයා එයාගෙ වාහනේට වෙලයි හිටියෙ .මට පුදුමයි මෙච්චර කලින් මෙයා කොලේජ් ආව එක⁣ට.ඊයෙ අසනීප උනු නිසා එයාට දැන් හොඳයිද අහන්නත් හිතුනා .ඒත් උදේ පාන්දරම එයාගෙ බැනුම් අහන්න වෙයි කියලා මං නිකන් හිටියා.මං ක්ලාස් එකට ඇවිත් ප්‍රොජෙට් එකේ වැඩ පටන් ගත්තා .ටික වෙලාවක් යද්දී ජිනුත් ක්ලාස් එකට ආවා.මං හොරෙන් එයා දිහා බලලා ඉක්මනින් අහක බලාගත්තා.

"ඇයි.....හොරෙන් බලන්නෙ? මගෙ මූන බලන්න දැන් බෑ නේද ?"

"මට ඔයාව හොරෙන් බලන්න ඕනි නෑ හරිද?මං බැලුවේ ක්ලාස් එකට කවුද ආවේ කියලා.ඔයා බව දන්නවනම් නිකමටවත් බලන්නෙ නෑ ."

💋The Vampire Kiss💋 (complete✔️)Where stories live. Discover now