පින්වන්ත කොල්ලා 😌

5.6K 781 1K
                                    

මගේ නම ජිමින්ශී ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ නම ජිමින්ශී ය. අම්මා , තාත්තා , අයියාගෙන් සමන්විත පුංචි පවුලේ බාලයා වූ මා ගෙදර දොරේ ලැජ්ජා බයට හැදුනු අහින්සක කොල්ලෙක් ය.

මා දයාබර මෑණියන්ට අනුව නම් ගෙදර පහන මමය. ඒත් පියාණෝ නම් කියන්නේ අපේ ගෙදර පහන ගිනි ගන්නවා කියාය. කවුරු මොනවා කීවත් මා උපන්දා මේ මුලු ගමම   එලිය  වූ බව මගේ විශ්වාසය විය. මා ඒ තරමටම පින්වන්ත කොල්ලෙක්‍ ය.

දැනට මේ මලක් බදු පින්වන්ත කොලුවා ගැන වර්ණනා කලා ඇතිය . තව තව කල් යනවිට මාගේ අහින්සක බව පිළිබද ඔබ හොදින්ම වටහා ගනු නිසැකය. එබැවින් දැන් මා ඔබට මාගේ සහෝදරයා හා මාගේ යාහලුවන් පිළිබදව කියා සිටින්නම්‍ ය.

 එබැවින් දැන් මා ඔබට මාගේ සහෝදරයා හා මාගේ යාහලුවන් පිළිබදව කියා සිටින්නම්‍ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාගේ අයියාගේ නම  නැම්ජූන්‍ ය. ඔහු මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ය. ගමේ වෙසෙන ඇට්ටර කොල්ලෝ කුරුට්ටෝ ඔහුව හැදින් වූයේ rm කියාය.

උගත් බුද්ධිමතෙකු වූ අපේ අයියා තවමත් VIP වරයෙක්‍ ය. VIP යන්නෙහි සිංහල තේරුම වේර ඉල්ලා පට්ටධාරී වූ අතර එහි දෙමල තේරුම රැකියා විරහිත උපාධිධාරියා යන්නයි.

එබැවින් ඔහුගේ දෛනික රාජකාරිය වූයේ කඩේ යෑම , රෙදි සේදීම , ගෙවල් අස් පස් කිරීම හා බල්ලා නෑවීමය. තවමත් රැකියාවක් සොයා ගත නොහැකිව ගෙදරින් පින් බත් ගිල ගිල සිටියද මුලු ගමටම පඩි ටෝක් දෙසන්නට ඔහු කිසි දිනෙක අමතක නොකලේය .

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now