නෝ බොඩි😱

2.2K 476 528
                                    

එදින  මාගේ    දයාබර    අයියණ්ඩිය    ආපසු    ගෙදර   ආවේ  හරකා   නැතුවය  .   නමුත්   ඔහු    මල්වත්ත  පාරෙන්  කිරි   ටොයින්   ටොයින්   ඇන්ටනාවක්    රැගෙන   ආවේය .   අපේ   අයියණ්ඩියට  තම    හරකාව   මතකයට    නැගුනේ   ඔහුගේ    ප්‍රියාදර    බිරිද   ,

"  කෝ    හරකෝ   තොගෙ  හරකා  "  කියලා   ඇහුවාට  පස්සේය. 

අපේ   අයියණ්ඩියට   ඔය  වගේ   අමතකවීම්   නිතරම   වෙනවාය.    අයියණ්ඩිය    තම   විවාහ  මංගල්‍යය   අවසන   අලුත  ගෙනා   මනාලියව   ගෙදර   තබා   තනිවම   මධුසමය   ගත  කිරීමට  යාම  ඊට  කදිම   නිදසුනක්  විය.

හරකා    කෙසේ   වෙතත්   අපේ   අයියණ්ඩි   සරම   නැතුව   ගෙදර   ආවත්   මට  නම්   එයින්  පලක්   නොවීය.   ඊට   හේතුව   වූයේ   එදින   හවස්   ජාමයේ   මා   නෙත   ගැටුනු    මල්   මල්    රතු   චීත්තය   කරණ   කොට ගෙන    මාගේ  හද  මනස   ප්‍රකම්පනයට   පත්   වී    තිබීමය. 

මල්   මල්  වැටුනු    ඒ   රතු    පැහැති    චීත්ත  රෙද්ද    මතකයට   නැගෙන  වාරයක්   වාරයක්  පාසා  මාගේ  හදසන්තානය  තුල   මෝදු    වූ   ආලවන්ත   හැගීමෙන්   මගේ   ගත   සිත  කිති   කැවී   යන්නට  විය.  එතැන්   පටන්   මා   පැතුවේ   ඇගේ   අත   පමණය.

අමාවක   දින    සද  නැති   අහසට   පෑයූ   කනාමැදිරි    එළියක්   සේ   මාගේ   නීරස   දිවි   ගමන    ඒකාලෝක   කල  ඒ   රතු   චීත්තයේ   හිමිකාරිය   නමින්  ,    මින්   යුන්ජි  නම්  විය. 

(  A/N :-  කොහොමද   ගැස්සිල්ල 🤧   කොල්ලො   කොර  වෙනවා  යකූ   ඒක   දැක්කාම  )

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


(  A/N :-  කොහොමද   ගැස්සිල්ල 🤧   කොල්ලො   කොර  වෙනවා  යකූ   ඒක   දැක්කාම  )

මා   මෙන්ම   ගෙදර    දොරේ   ලැජ්ජා   බයට   හැදුනු    වැඩුනු   යුන්ජි   කැකුළිය    අපේ    ගමේ   සිටි    සුන්දරතම    තරුණිය     විය  .   කොල්ලෙක්    දෙස   ඇසක්   ඇරවත්    නොබලන   ඇය   වන්   අහින්සක   ලද   බොලද   පිවිතුරු   ලියක්  අහල   ගම්   හත  අටකටවත්   නොවීය.

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈDove le storie prendono vita. Scoprilo ora