අවුලක් නැති ගෙදරක් 😝

1.6K 376 95
                                    

තුන්වන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව අවසානයේ මගේත් යුන්ජි කැකුලියගේත් විවාහය සදහා දෙපාර්ශවයෙන්ම අවසර හිමිවිය. ඒ අනුව මේ දිනවල අපේ පවුලේ උදවිය මගේත් යුන්ජි කෙලීගේත් මගුලට සූදානම් වන්නේය .

මංගල උත්සවය පැවැත්වීම උදෙසා බොහෝ කටයුතු සංවිධානය කල යුතුව ඇත . ඒ සදහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම ඊලග ගැටලුව විය. අප නිවසේ ආර්ථික ප්‍රතිපත්ති අනුව සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම ගැටලුකාරී විය.

ඒ සදහා නිවසේ ලිද හෝ වැසිකිලිය කුලියට දියයුතු බවට මම යෝජනා කල අතර , අනික් උදවිය ඊට ඇවිස්සී ඒමට ප්‍රථමයෙන් මා දයාබර පියාණෝ මැදිහත් වී ඊට අවශ්‍යය මුදල් ලබා දීම හේතුවෙන් කාරණය යටපත් විය.

මීලගට ඇති වඩාත් දුෂ්කරම කාර්යය වනුයේ අපේ ගෙවල් දොරවල් අස්පස් කිරීමය. අපේ ගෙදර කිසිදු දෙයක් තිබූ තැනින් සොයා ගන්නට බැරිය. අපේ පවුලේ උදවියගේ නිදහස් චින්තනය නිසා එක දෙයකට කියා නිශ්චිත ස්ථානයක් වෙන් කර සීමා මායිම් යටතේ ජීවත් වීමට ඔවුන් අකමැතිය.

මේ නිසා ඔවුන් සෑම තැනකම සෑම දෙයක්ම තබන අතර යමක් සොයා ගැනීමට උවමනා වූ විට එය සත්‍යය වශයෙන්ම තිබෙන ස්ථානය හැර ඉතිරි සියලුම ස්ථාන පිරික්සීම සිදු කරනු ලබයි.

උදාහරණයක් ලෙස පොත් මේසයක පොත් වලට අමතරව කොන්ඩා කටු , සුවද විලවුන් , හිස් තේ කෝප්ප , රූපලාවණ්‍ය උපකරණ , ඉස්කුරුප්පු නියන් , වතුර බෝතල් , ලිපි ද්‍රව්‍යය , මිටි , කටර් අඩු , බැන්ඩේජ් , තෙල් කුප්පි ආදී දේවල් ගණනාවක් තිබෙන අතර , ඉදහිට ශීතකරණයේ නතර විය යුතු පොල් බෑයක් , දෙහි බෑයක් එහෙමත් තාවකාලිකව නවාතැන් ගෙන සිටිනු දැකගත හැකිය.

හදිස්සියකට යමක් සටහන් කර ගැනීමට අවශ්‍ය වූ විට මේසය මතින් පෑනක් පැන්සලක් බේතකටවත් සොයා ගැනීමට නොහැකිය . එවන් විටෙක අකුරක් ලියාගත හැකි පැස්ටල් කූරක්වත් අහල පහලකවත් නොහිට ද්වේශ සහගත ලෙස අපව හැර යයි.

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now