මගුල 😎

1.7K 434 277
                                    


අවසානයේ    මා   ඇගිලි   ගනිමින්   සිටි    ඒ    සුන්දර   දිනය   උදා   විය.  දෙපාර්ශවයේම   ආශිර්වාදය   මැද  මමත්   යුන්ජි   කැකුලියත්     අතිනත   ගැනීමේ     උළෙල   ඉතාමත්   උත්සවත්ශ්‍රීයෙන්   පැවැත්   වුවද   එය   ඉතා   සරල   චාම්   උත්සවයක්   විය.

දෑගිලි   බැද  ,   අෂ්ඨක   කියා   ,   පිරිත්   පැන්   වත්   කිරීම   වැනි   පෝරුවේ   චාරිත්‍ර   වාරිත්‍ර   සියල්ලම  පාහේ   බෝලේ   අයියාගේ   අතින්ම   සිදු  කරනු   ලැබීය.

අපේ   අයියාට   මංගල   සභාව   අමතා   කතාවක්   කිරීමට   අවැසි   වුවද   ඔහුගේ   නොදන්නා   ඉන්ගිරීසි   වැල්   බයියා   ගැන   දැනසිටි   විලාරා   අක්කණ්ඩි   මංගල   සභාවේ  කතාව   පැවැත්වීම   ජිනයියාට   භාර  දී     පොල්   ගෙඩිය   බිදීමේ   රාජකාරිය     අපේ   අයියාට  භාර  දෙන්නට   විය.

සුදුස්සාට   සුදුසු   තැන   ලැබීම  පිලිබද   මහත්  සේ   සතුටට  පත්  අපේ   අයියා   එක  පහරින්   පොල්   ගෙඩිය  සත්  කඩකට  පලා   දැමීමට  සමත්  විය.

මාගේ    අතිජාත  පාප  මිත්තරයන්  දෙදෙනා   වූ  ටේටෙ  සහ  කුකී    දෙවන   මනාලයන්   ලෙස   පෙනී   සිටි  අතර   වෙඩිමේ   කේක්   බෙදීමේ   රාජකාරිය   භාර  දුන්නේ    හොබියාටය.  නමුදු   ඔහු   බෙදූ   කේකක්  නැතිය .  පසුව   දැන  ගැනීමට   ලැබුනු   ආකාරයට  ඔහු  එයද     සොරා  ගෙන  ඇත.

කුමකින්   කුමක්   සිදු  වුවද   මංගල  දිනයේ  වැඩ  කටයුතු  පෙර   සැලසුම්  කරගත්   ආකාරයට  ඉතාමත්   හොදින්  අවසන්   කිරීමට  හැකි  විය.

මේ  වනවිට    විලාරා   අක්කන්ඩිය   ගැබ්බරව     සිටි  අතර    ඔවුන්ගේ   පුංචි   පවුල   සම්පූර්ණ   වීම   හේතුවෙන්    දෙපාර්ශවයේම   වැඩිහිටියන්   බොහෝ   සතුටට  පත් වී   සිටියෝය.    නමුදු   අපේ  අයියා  එක්  දරුවෙක්ගෙන්   සෑහීමකට  පත්   නොවනු  බව   නිසැකය.   ඒ   අනුව   ඔහු   විලාරා    අක්කණ්ඩිය  සමග  එක්ව  තනිවම    රටක්  ජාතියක්   ගොඩනැගීමට   වෙර  දරන   බව     මට   විශ්වාසය.

ජිනයියාට  තවමත්  කිසිදු  කටයුත්තක්    ස්ථීර   නොවීම   හේතුවෙන්   සිත්  තැවුලට    පත්    යසවතී   නැන්දා   දිගින්   දිගටම  මංගල  කිංකිණියේ   දැන්වීම්   පල  කරමින්   ජිනයියාට   ගැලපෙන  මනමාලියක්   සෙවීමේ   නිරර්ථක   උත්සාහයක   නිරත  විය.   විලාරා   අක්කාගේ   හෙප්පුවට   පෙම්  බැදි   මේ   අහින්සක   worldwide handsome   තරුණයාට  අවසානයේ   සිදු   වූයේ   උපන්  ගෙයිම  වයසට  යාමටය.

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now