කිරිකට්🏏 (special chapter)

826 158 95
                                    

A/N :- ඉවරයි කිව්වාට ඉවරම නෑ... තව තියෙනවා 🙂

ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්‍ ය . නමුත් ජනප්‍රියතම ක්‍රීඩාව කිරිකට් ය. මාගේ පවුලේ උදවියගේද ප්‍රියතම ක්‍රීඩාව කිරිකට් ය. එහෙත් එය මාගේ ප්‍රියතම ක්‍රීඩාව නොවේ. ඇතැම් විටක අප්‍රියතම ක්‍රීඩාවය. මා එසේ කියන්නේ බොහෝ හේතු කාරණා ඇතුවය.

මා කුඩා කල සිට අපේ ගෙදර රූප පෙට්ටිය සම්බන්ධයෙන් නිතරම පාහේ දරුණු සටන් ඇවිලී ගියේය . ඊට හේතුව අපේ අයියාගේ නොනවතින ක්‍රිකට් පිස්සුවය. ක්‍රිකට් තරගයක් පවත්වන විට මට සූර පප්පා , ස්කුබි ඩූ , කවුද බෝයි , දොස්තර හොද හිත බලන්නට හම්බ වුනේ නෑය. රෑ වන විට මා දයාබර පියාණෝට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් , මා දයාබර මෑණියෝට අටහමාරේ නාට්‍යය බලන්නට ලැබුණේද නැත.

අපේ අයියා එදාට සම්පූර්ණයෙන්ම පාහේ රූපවාහිනීය අත් පත් කර ගන්නා අතර මැච් එක පරදින පැත්තට හැරුණද ඔහු නොසැලෙන අධිෂ්ඨානයකින් හා අචල විශ්වාසයකින් යුතුව ටීවී එක ඉදිරියේ වාඩි වී පුපුරමින් සිටියේය. ඒසේ සිටින විට ඔහු විසින් අප එකිනෙකාට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීමට යාමෙන් ඇතැම් විට තත්වය තව තවත් භයානක විය.

කිරිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව ඇදහූ මා දයාබර පියාණෝ ලංකාව පන්දු යවන විට හොර අවුට් දීම හෝ වයිඩ් නොදී ඇරීම වැනි ජාති මාමක ක්‍රියා තරයේ හෙලා දැක්කේය. අපේ අයියා සහ ඔහුගේ හොදම මිත්තරයා වූ ජිනයියා මෙම ජාතිද්‍රෝහීත්වය පිළිබද මා දයාබර පියාණෝ සමග නිරන්තරයෙන් ගැටුණහ. ගැටුම උපරිම තත්වයට ලගා වන විට මා දයාබර පියාණෝ පිටියෙන් ඉවත්ව යන අතර ඉන්පසුව අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ අපේ අයියා සහ ජිනයියා අතරය.

ඊලගට ෆීල්ඩ් එක සෙට් එක යුතු ආකාරය, මීලග ඕවරය ලබා දිය යුත්තේ කාටද , මීලග බෝලය කෙබදු විය යුතුද යන්න පිලිබද අපේ අයියා හා ජිනයියා දිගින් දිගටම විද්වත් කරුණු ගෙන හැර දක්වමින් මරා ගන්නා අතර , දිනක් මේ කතාව අසාගෙන සිටි මා දයාබර මෑණියෝ නම් පැවසූවේ , මෙතරම් ක්‍රිකට් පිලිබද හසල අවබෝධයක් ඇති අය ගෙදර තබා මුකුත්ම නොදන්නා එකොළොස් දෙනෙක් කණ්ඩායමට ඇතුලත් කිරීමෙන් තේරීම් කමිටුව සිදු කර ඇත්තේ විශාල වරදක් බවය.

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈTempat cerita menjadi hidup. Temukan sekarang