පැන යාම 🤔

1.4K 372 142
                                    


වෙසක් පොහෝ දිනත් ලග ලගම එන්නේය. බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩුණු මම , ටේකුක් ඩබලත් සමග එක්ව පැටව් කූඩුවක් සෑදීමට කතිකා කර ගත් අතර සව් කොල ගෙනෙන්නට යැයි කියා ටවුමේ පොත් කඩේට දිව ගිය කුකී එනතුරු ටේටේ කඩුල්ල අසලට වී දෑස් අයා බලා සිටින්නට විය.

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු හදා අලවන්නේ
තවම නාව කිම අරුමේ
කවදා නුඹ එන්නේ

ඩං.... ඩර..... ඩං...... ඩර....
ඩං ඩං ඩං........

කුකී නොමැති වේදනාවෙන් පසු වූ ටේටේ එලෙස විරහා ගී ගයන්නට වූ අතර , සව් කොල ගෙනෙන්නට ගිය කුකී මේ තරම් වෙලාවක් පවා වීම මටද ගැටලුවක් විය.

නමුදු මට ඒ ගැන නිනව්වක් නොවීය. ඊට හේතුව වූයේ යුන්ජි කැකුලිය මාගේ හදවතේ තනි අයිතිය ලබා ගෙන සිටීමය . එදා ඒ රතු චීත්ත රෙද්ද යුන්ජිගේ සුමුදු මටසිලුටු සුදුවන් නාරි දේහයට ඇලී ගැලී තිබූ ආකාරය මතකයට නැගෙන වාරයක් වාරයක් පාසා මාගේ දෙකොපුල් රතු වී , කන් දෙක රත් වී මා ලැජ්ජාවෙන් කිති කැවී ඇඹරී මිරිකී යන්නේය.

" ජිමින්ශී .................."

එක්වරම එසේ කෑගසමින් කඩුල්ල පැන මා වෙතට දිව ආවේ කුකීය.

" මක්කැයි ඔහේ මෙච්චර සුනංගු ? උබ එතන සව් කොල හැදුවැයි ? 😒 "

මාගේ පෙම් මල් යහනා බෝල සබන් මෙන් බිද දැමීම පිලිබදව කුකියා සමග උරණ වූ මා නෝක්කාඩු ස්වරයෙන් ඔහුගෙන් එසේ ඇසීය.

" තොගෙ හැල්මාට සීනි ගරන්න. සව් කොල රෙද්දක් නෙවෙයි බොල . ආන්න...... බෝලේ අයියා කොලඹ රටේ ලොකු මහතැන් කෙනෙක් එක්ක යුන්ජි කෙලීගේ මගුල තීන්දු කොරාලා "

" හෑ....... මක්කැයි උබ කීවේ 😐😶😲😳😵😱 "

එක් වරම මුලු ලොවම කම්පා විය . මා දාඩිය මහන්සියෙන් ඉදිකල අහස් මාලිගා සියල්ල මගේම හිසට කඩා වැටුනා වැනිය.

" කුකී ....... උබ කොහොමැයි ඒක දන්නේ ? 😮 " ටේටේ ඇසීය.

" බෝලේ අයියාම තමා අපේ ඇසිලින් ආච්චිට කියලා තියෙන්නේ . බෝලේ අයියා ඇසිලින් ආච්චිට කියලා වෙන කාටවත් මේ ගැන කියන්ට එපැයි කියාලා. ඉතින් ඇසිලින් ආච්චිත් වැඩිය කාටවත් කියලා නෑ. ඉරිදා පොළ ගාව බැනර් එකක් ගහලා තිබ්බා . එච්චරයි "

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now