ජම්බු

707 202 156
                                    

පාසල් වත්තට අඩි ගැසූ සැටියේ ටේහ්‍යුන්ග් අතේ තිබූ ලියුම දිග හැර බැලීය.

'රෑට රෑට හඳපානේ යමුද අපිත් අත් අල්ලන් ඇවිදින්නට?'

ටේහ්‍යුන්ග්ගේ මුහුණ රතු විය. 'කවුද බෑ කියන්නේ?' ඔහු ඔහුටම මුමුණා ගත්තේ රහසිනි. උකුස් කන් ඇති (එහෙම කන් ජාතියක් නැහැ ළමයි) ජිමින්ගේ කනට එය වචනය ගියහොත් සිදුවන්නේ වැළැක්විය නොහැකි ඇබැද්ධියක් බව ඔහු දැන සිටියේය.

'මක්කෙයි ටේහ්‍යුන්ග් අර තනියම හිනා වෙන්නේ?' හොසෙක් ඇසුවේ ජම්බු ගහට බඩගාමින් සිටි ජිමින්ගෙනි.

ඒ වචනයත් සමඟම ජම්බු අමතක වූ ජිමින් ගහෙන් බිමට ඇද වැටුණේ සරම ලිස්සා යවමිණි.

'මරු මරු... බලාම් යුන්ගි උඹේ කකුල් දෙක දිහා බලන් ඉන්නවා! ඉක්මන් කරලා සරම හදා ගනින් කොට බරියෝ!'

ජිමින් වහා වහා නැගිට තමාගේ සරම හදාගෙන යුන්ගිට ලැජ්ජාශීලී සිනහවක් පෑවේය. ඒත් සමඟම ඔහුගේ අනෙක් ඇස යොමු වූයේ ටේහ්‍යුන්ග් වෙතටයි.

'ඈ බොල පෙට්ටි කට ඇයි ඔයා හිනාවෙන්නේ?' ජිමින් උරහිස මතින් එබී බලා ඇසූ විට ටේහ්‍යුන්ග් තිගැස්සී නැවතත් තමාගේ අතේ තිබූ ලියුම සාක්කුවට ඔබා ගත්තේය.

'දුවපාන්! හීචුල් ඉස්කෝලේ මහත්තයා එනවා!' ඔවුන්ගේ කතාවට බාධා කරමින් එතැනට කඩා පාත් වූයේ පාසලේ මැරයා ජැක්සන්ය.

හීචුල් ඔවුන්ගේ විනයභාර ගුරුවරයාය. විනයභාර කෙසේ වෙතත් හීචුල්ට නම් විනයක් තිබු‍ණේ නැත. ඔහුගේ පැල් කොටයේ කොයි වෙලේත් මොමෝ වෙද නෝනා පැල් බැඳ ගත් ගමන්ය. විනය කෙසේ වෙතත් වෙන වෙන එච්චා නම් හීචුල් ඉස්කෝලේ මහත්තයාට තිබිණි.

කැඩූ ජම්බු අතින් කැටින් ගෙන කොලු රෑන පන්ති කරා පියඹන්නට වූහ.

අහෝ දුකකි ඉරකි තිතකි. පය ගලක පැටලී ජිමින් පියා සලා ගොස් බිම වැටිණි. ජිමින්ගේ ඉස්සුණු සරම අතරින් නැවත වතාවක් යුන්ගි ඔහුගේ දෙපා රස විඳිද්දී ජිමින්ගේ කනකින් යමෙකු එසවීය.

'ඈ බොල! ජම්බු කැඩුවා නේද?' හීචුල් ඉස්කෝලේ මහත්තයා ජිමින්ගේ මුහුණට එබුණේ විකාර සිනහවක් සමගිනි.

(මේන් මේ වගේ හිනාවක්ලු ඉතිම් තිබ්බේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේන් මේ වගේ හිනාවක්ලු ඉතිම් තිබ්බේ.)

ජිමින් තමා සතු වූ අහිංසකම සිනහව පෑවේය. 'නැ.. නැහ් ඉස්කෝලේ මහත්තයෝ...'

(එහෙම එකක් නෑ කියලයි මම හිතුවේ ඒත් ඕතරයා කියනවා තියෙනවා කියලා. හාකෝ ඉතින්.)

හීචුල් තවත් තදින් ජිමින්ගේ කන මිරිකීය. 'ඈ බොල එතකොට තොගේ අතේ තියෙන්නේ අඹද?'

ජිමින් තමාගේ අත දෙස බලා නැවතත් හීචුල් දෙස බැලීය. 'මගේ අතේ මුකුත් නැහැනේ ඉස්කෝලේ මහත්තයෝ?'

'එතකොට මට පේන්නේ මායාවක්ද බොල ජිමිනෝ! ආ... ඉන්න බලන්න අර ඉන්නේ යුන්ගි. ඒ යුන්ගි මෙහෙ වර!' හීචුල්ගේ ඇමතීමෙන් යුන්ගි කිසිවක් නොදන්නා අහිංසකයෙකු මෙන් එතැනට පැමිණියේය.

'ඔව් ඉස්කෝලේ මහත්තයෝ?'

'යුන්ගි... ඔයා හොඳ ළමයෙක්. හැමදාම අවංක වුණ ළමයෙක්.මට කියන්න මේ ජිමින්ගේ අතේ ජම්බු තියෙනවද නැද්ද?'

(සසොරි - අනේ ඔව්, අපිනේ දන්නේ අහිංසකකම ඕකගේ.

යුන්ගි - කට වහන් ලියපිය ඕක. කපුකමෙත් මගේ චරිතේ කෑවා මදිද?')

යුන්ගි දෑස විසල් කර ජිමින්ගේ දෑත දෙස බැලීය. 'ජිමින්ගේ අතේ මොන ජම්බුවක්වත් නැහැනේ ඉස්කෝලේ මහත්තයෝ?'

හීචුල් තමාගේ දෑස පිස දමා යුන්ගි දෙසත් ජිමින්ගේ දෑස දෙසත් බැලීය. 'එහෙම නම් මම මේ නිකන් දකිනවා ඇතිනේ? හුම් දුවපිය දෙන්නා එක්ක පන්තිවලට!'

ජිමින්ගේ කන අත හැරි හීචුල් එතැනින් පිටව ගියේය.

යුන්ගි ටික වේලාවක් ජිමින් දෙස බලා සිටියේ යමක් අහන්නට වගේය. ලැජ්ජාවට පත් වූ ජිමින් ජම්බු ගෙඩියක් යුන්ගිගේ ඇඟට දමා ගසා එතැනින් දිව ⁣ගියේ ප්‍රේම මල් යහනා ගැන යුන්ගිට සිහින මවන්නට ඉඩ හරිමිනි.

බැද්ද -ටේකුක් -  කොම්ප්ලීටඩ්Where stories live. Discover now