පුංචි ජිමින්

656 193 99
                                    

ටේහ්‍යුන්ග්ගේ මව ගමේ ආප්ප සාදන්නියයි. ජිමින් උදේ පාන්දර අවදි වූයේ ගම වටා රවුමක් ගැසීමට පෙර ආප්පයක් දෙසා බෑමටයි. තමාගේ මල් වැටිච්ච සරම ඇඳගත් ඔහු ඉබි ගමනින් ආප්ප කඩය වෙතට ගියේය.

ඔහු යන විටත් හොසෙක්, යුන්ගි, ජන්ග්කුක්, නම්ජුන්, ජින්, ජැක්සන්, කායි, ජීසන්ග්, මින්හෝ ආදි සියලු දෙනා පෝළිමට ආප්ප ගැනීම සඳහා සිටගෙන සිටියහ.

ගම ගලප්පති නොවී ආප්ප ගම වූවා නම් ජිමින්ට විටෙක සිතිණි.

එකා පසුපස එකා බැගින් ආප්ප රැගෙන යන ආකාරය ජිමින් බලා සිටියේය. සියලු දෙනාගේම අතේ තිබුණේ ඉතාමත් රසවත් පෙනුමැති සුවඳ හම සුවිසල් ආප්පයි.

ජිමින් මින්හ්‍යුන්ට පසුපසින් පෝළිමට එකතුවිය. මින්හ්‍යුන් සිටියේ කුණු කෙළ පෙරාගත් ගමන්ය.ඔහුගේ කහ පැහැති ඉරි වැටුණු සරම ගම් හතකට පෙනෙණ තරම් දිදුලන සරමක් විය.

මින්හ්‍යුන්ද ආප්පය ගෙනගියාට පසුව ජිමින් ආප්පයක් සාදන තෙක් පොළොව ඇඟිල්ලෙන් හාරමින් බලා සිටියේය.

'ඉඳා උඹේ ආප්පේ...' ටේහ්‍යුන්ග්ගේ මව කිම් සෝමවතී ඔහුට ආප්පය දිගු කළේය.

ජිමින් ආප්පය අතට ගත්තේය. එය දුටු වහාම ඔහුගේ දෑස් පුදුමයෙන් පිරිණි. 'ඇයි මේ ආප්පේ පොඩි?'

'උඹේ ආප්පේ පොඩි නැහැ කොලුවෝ...' ආප්ප අම්මා කීවාය.

ජිමින් ඉණට අතගහ ගත්තේය. 'මොකද නැත්තේ? මේ ආප්පේ හුඟක් පොඩියි. මේ බලන්න ආප්පේ අරය අඟලකවත් නැහැ නෙව. විෂ්කම්භය අඟල් දෙකහමාරක් විතර ඇති.'

'ආ ඒකද?' ආප්ප අම්මා මොළය පහල වුණාක් මෙන් විරිත්තීය. 'උඹ පොඩි නිසා ඔහෙට පුංචි ආප්ප. කන්න එහෙම ලේසිනේ.'

ජිමින් අන්දබූත විය. 'මොකක්ද අ‍ප්පා ඒ කතාව? මම පොඩි නිසා පොඩි ආප්ප. අර නම්ජුන් කාරයට උස ආප්පද?'

ආප්ප අම්මා තවත් ආප්පයක් තාච්චියට දැමුවාය. 'ඔතනින් අයින් වෙයන් අනික් මිනිස්සුන්ට ආප්ප ගන්න.'

ජිමින් තමා ගෙනා මුදලින් බාගයක් ආප්ප අම්මාට දුන්නේය. 'ආ මෙන්න පණම් බාගයක්.'

ආප්ප අම්මා දෑස් විසල් කළාය. 'ආප්පයක් පණමයි. ඇයි මේ බාගයක්?'

'කාසි අඩු නිසා ආප්ප අම්මට ගණින්න ලේසිනේ.' ජිමින් පුංචි ආප්පයත් අතට ගුලි කරගෙන එතැනින් දුව ගියේය.


ඔහු ගම හරයා යනවිට ජන්ග්කුක් වැටක් මත වාඩිවී ආප්පයක් දෙසා බාමින් සිටියේය.

'ඒයි කොටා!'

ජිමින් හැරී බලා රැවීය. 'මම කොට නැහැ!'

'කවුද අනේ ඔහෙට කතා කළේ? මම කතා කළේ කොටාට ඇයි ඔයා බැලුවේ?' ජන්ග්කුක් ජිමින්ට සමච්චල් කළේය.

ජිමින් බුම්මා ගත්තේ අදදින වෙමින් තිබූ දේවල් වලින් ඔහු තලා පෙළා දැමුණු නිසාය.

ආප්පයෙන් කෑල්ලක් කටට දා ගනිමින් යන්න හැරුණු ඔහු ගලක පැටලී බිම වැටුණි. අඹ අත්තක් මත වාඩිවී ආප්ප කමින් සිටි යුන්ගි හැරී බැලීය.

'අන්න කොටාගේ සරම ඉස්සිලා!' බොම්ග්‍යු කෑ ගැසුවේ එතැන වෙන සියල්ල ගමටම දන්වමිනි.

වහා නැගිට සරම හදාගත් ජිමින් එතැනින් ඈතට දිව ගියේය.



_______________________________


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


1K views එනකන් ඊළඟ චැප්ටර් එක දෙන්නේ නැහැ හුම්ම්...

බැද්ද -ටේකුක් -  කොම්ප්ලීටඩ්Where stories live. Discover now