පහුවදා උදේ පාසල් යන කොලු රැළ අතර යම් වෙනසක් පෙනුණි. ඒ ජිමින්ගේ අලුත් සරමයි. ඊට අමතරව ටේයන්ග් සහ අලුත් සරමක් ඇඳගත් ජේහ්‍යුන්ද කැළට එක්වී සිටියහ.
වෙනදා මෙන් ටේහ්‍යුන්ග්ට අද ගලක් වැදුණේ නැත. ඒ වෙනුවට ඔහුගේ මාර්ගය අවහිර කරමින් ඉදිරියට පැන්නේ ආරච්චිගේ පුතාය.
'ආ කොල්ලෝ... අද බෑරක්ද?' ජන්ග්කුක් අර ස්ටිකරය මෙන් සිටගෙන ඇසීය.
ටේහ්‍යුන්ග් තමාගේ ඉලපතෙන් මූණ වසා ගත්තේය. 'ඔව් ඉස්කෝලේ යනවා...'
අත් අල්ලාගෙන සිටි යුන්ගි හා ජිමින් පසුපස හැරී බැලූහ. එවිට ඔවුන් දුටුවේ ජන්ග්කුක් සම ඈලි මෑලි පාන ටේහ්‍යුන්ග් දෙදෙනාය.
'ඔය දෙන්නා ලව් කරලා ඉවර වෙලා එන්නකෝ අපි හ්‍යුනා නෝනට කියන්නම්...' ජිමින් කෑ ගසන විට රතු වූ ටේහ්‍යුන්ග් එතැනින් දිව යන්නට උත්සාහා කළ නමුත් ජන්ග්කුක් නැවතත් ඔහුගේ අතින් ඇද ගත්තේය.
'එයාලා කියනවලුනේ... අපි දෙන්නා පොඩ්ඩක් කතා කරලා යමු. කාක්කෝ නැහැ මෙතන...'
'මම කාක්කන්ට කැමතියි ඒ නිසා අපි කාක්කෙක් ඉන්න තැනකට යමුද ජන්ග්කුක්?' ටේහ්‍යුන්ග් ඇඹරෙමින් ඇසීය.
ජන්ග්කුක් මුහුණ ඇඹුල් කරගත්තද එතැනට එක් වරම කාක්කෙක් පියඹා පැමිණියේ ඔහුගේ වාසනාවට වාගේය.
'අන්න කාක්කෙක්! ඇත්තටම ටේ... ඔයා කාක්කන්ට කැමතිද?'
ටේහ්‍යුන්ග් ඔළුව වැනීය. 'ඔව් මම කාක්කන්ට කැමතියි...'
'ටේහ්‍යුන්ග්...' ජන්ග්කුක් ඔහුව තාප්පයකට හේත්තු කරමින් ඇසීය. 'මම ඔයාගේ කාක්කා වෙන්නද?'
ටේහ්‍යුන්ග් කිම් තක්කාලි බවට පත් විය. 'මගේ අකමැත්තක් නම් නැහැ.... අම්මා...'
'අම්මා අකමැති වෙන්නේ නැහැ...'
'මම කැමතියි!' ජන්ග්කුක්ගේ තොලට අඹ ලෙල්ලක් ගාවන පරිදි තමාගේ තොල් තදකළ ටේහ්‍යුන්ග් එතැනින් දිව ගොස් කැළට එකතු විය.
මංගල සිහිනයේ ගිලෙමින් සිටි ජන්ග්කුක් නැවතත් සිහියට ආවේ උරහිසට කාක බෙට්ටක් නැවතත් වැටුණු බැවිණි.
YOU ARE READING
බැද්ද -ටේකුක් - කොම්ප්ලීටඩ්
Fanfictionබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද ඉද්ද පනා මල් කැන් පිපිලා සද්දේ මොකෝ අවුරුද්ද ඇවිල්ලද නැද්ද කනෙයියනි රොන් හැදිලා