ආප්ප හොරු

545 177 116
                                    

බිම වැටුණු බෝඹු කෝටුව මතින් පය තබා ටේහ්‍යුන්ග් තමාගේ ප්‍රේමවන්තයා වෙත අඩි තැබීය.

'ආයිබෝවන්ඩ ටේහ්‍යුන්ග්.' ඔහු ආචාර කළේය.

'ආයිබෝවන්ඩ ආරච්චි පුතා.'

ජන්ග්කුක් තවත් අඩියක් තබමින් ටේහ්‍යනුග්ගේ අතකින් අල්ලා ගත්තේය. 'ඉතින් කොහොමෙයි ජීවිතේ?'

ටේහ්‍යුන්ග් ඇඹරුණේ ලැජ්ජා බයට හැදුණ කොලුවෙකු මෙනි. 'අම්මා ඇහිපිල්ලම ගහන පමාවෙන් එන්න කිව්වා. මම යන්නද එහෙමනම්?'

ඔහු යන්න‍ට හදද්දී ජන්ග්කුක් ඔහුගේ අතකින් ඇද නැවතත් තමා වෙතට ගත්තේය. 'යන්ඩ එපා අනේ ඉන්න. මම මරන් කන්නේ නැහැ නෙව ඔයාව.'

'මරන් කන්නේ නම් නැහැ...' ටේහ්‍යුන්ග් කකුලේ ඇඟිල්ලකින් පොළොව හෑරීය.

ටේහ්‍යුන්ග්ව සිප ගැනීමට නැඹුරුවීමට ගිය ජන්ක්කුක් බාල්දියේ පැටලී බිම වැටිණි. ඔහුගේ සරම ගැලවී ඔළුවෙන් විසි විය.

ටේහ්‍යුන්ග් වහා තමාගේ දෑස් වසාගත්තේ නොදැකිය යුතු යමක් දකියි යන බියෙනි. බියටත් වඩා ලැජ්ජාවක් ඔහු තුළ තිබිණි.

වටපිට බලමින් වහා නැගිටි ජන්ග්කුක් ඔළුවෙන්ම සරම නැවතත් බස්සා ගත්තේය. 'අනේ මුකුත් නැහැ ටේහ්‍යුන්ග්. මම වැටුණ එක ඔයා දැක්ක හීනයක්.'

ටේහ්‍යුන්ග් හොරැහින් ජන්ග්කුක් දෙස බැලීය. 'එහෙමනම් ඔයා කොහොමද දන්නේ මම එහෙම හීනයක් දැක්කා කියලා?'

'අහ් උහ්.... මම දන්නවා ඔයාගේ හීනවලත් ඉන්නේ මම කියලා.'

ටේහ්‍යුන්ග් තවත් රතුවිය. 'නැහැ... මම හීනෙන් දකින්නේ ආප්ප...'


'ආ...අ.. අද ආප්ප ගෙනාවද?' ලැජ්ජාව වසාගැනීමට මෙන් ජන්ග්කුක් උරය ගස්සමින් විමසීය.

'ඔවු කුස්සියෙන් තියලා මේ යන්න හැදුවේ ගෙදර.' ටේහ්‍යුන්ග් පිළිතුරු දුන්නේය.

'මම ආප්පයක් අරන් එනකන් ඉන්න එහෙම නම් හො‍ඳේ...' ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් ලොකුයි කිව්වා සේ පෙරේතකම ලොකු වූ ජන්ග්කුක් ආප්පයක් සොයා කුස්සියට ගියේය.

කුස්සියේ තිබුණේ වටේ කරස් ගා හැපෙන ටික කා ඉවර කර ආප්ප මද ටිකක් පමණි.

'මේ ‍මොකක්ද මේ?' ජන්ග්කුක් මහ හඬින් ප්‍රශ්න කරන විට කුස්සි අම්මා දිව ආවාය.

'මොකක්ද මේ ආප්ප මදේ?' ඇය විමසුවාය.

ජන්ග්කුක් වටපිට බලන විට බිම තිබූ පටියක් සොයාගත හැකිවිය. 'මේක ආප්ප හොරාගේ වෙන්න ඇති.'

ඔහු එය රැගෙන ටේහ්‍යුන්ග්‍ වෙතට ගියේය. 'මේක කාගෙදැයි දන්නවද?'

ටේහ්‍යුන්ග් එය දෙස මද වේලාවක් බලා සිටියේය. 'ඕක අපේ සිස්ස නායක අයියා ටේමින්ගේ...'


'ඒ කියන්නේ ටේමින් අයියද ආප්ප ඉස්සුවේ?'

'ආප්ප උස්සලා?'


ජන්ග්කුක් රැව්වේය. 'මද ටික ඇරෙන්න ඔක්කොම උස්සලා බොල!'






ඒත් සමඟම ඔවුන්ට පෙනුණේ කඩුල්ල පැන දුවන ටේමින්ය.



______________________________


මේ ඉන්නේ මගේ ආප්ප කොලුවා ටේමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ මගේ ආප්ප කොලුවා ටේමින්. බැල්මක්වත් හෙලන්න එපා මගේ කොලු පැටියට. එයා අයිති මින්හෝ අයියට.

(සහ මගේ හොර මිනිහා) 

ආප්ප හොරා ගත්තා කියලා කවුරුත් මගේ කොලුවට අතක් උස්සන්නවත් හිතන්න එපා.

දෙන්නේ මං පයින්....

හුම්ම්

බැද්ද -ටේකුක් -  කොම්ප්ලීටඩ්Where stories live. Discover now