" ඒයි ,Meki අද Hinami ආවෙ නැද්ද?" Seung කොල්ලො සෙට් එකත් එක්ක Meki ළගට ආවා.
"නෑ... Meki" Meki තරහින් කිව්වා.
"ඇයි ඒ?"
"මං දන්නෙ නෑ... ඔයාට ඕනි නම්, එයාගෙන්ම අහගන්න"
"මොකෝ ඔච්චර ලොකු එක"
"ඇයි ඔයා දැන්"
"මේ අපි තමුන් ගැන දන්නෙ නෑ කියලද හිතන් ඉන්නෙ"
"හ්ම්," Meki කට ඇද කරලා හිනා වුනා.
"තමුන් Hinamiගෙ යාලුවෙක් වගේ ඉදලා එයාට තැන තැන බැන බැන යන්නෙ ඒවා එහෙම අපි දන්නෙ නෑ කියලද හිතන්නෙ තමුසෙ මහ කපටි ඉරිස්සියාකාර ගෑණියෙක්" Seung තරහින් කිව්වම වටේ හිටපු කොල්ලො සෙට් එකත් Mekiට චාටර් එකට හිනා වුනා.
"ඒයි දෙනවා තමුන්ගෙ ෆෝන් එක" Seung Mekiගෙ ෆෝන් එක උදුර ගත්තා.
"ඒයි දෙනවා මගෙ ෆෝන් එක"
"ආ... ගන්නවා තමුන්ගෙ මහ ලොකු ෆෝන් එක" Seung එතනින් යන්න ගියා.
'මොන මගුලක් ද මේක...' Meki තරහින් Seung යන දිහා බලන් හිටියා. ක්ලාස් එකේ ළමයිනුත් Meki දිහා අමුතු විදිහට බලන් හිටියා. Meki ඉක්මනින් ක්ලාස් එකෙන් නැගිටලා ගියා. 'අරකි හින්ද තමයි මේ ඔක්කොම. මාව ළමයි කොන් කරන්නෙ. ඇයි Hinami මට මෙහෙම කරන්නෙ. මුලින්ම එයාවයි මාවයි සසදන්න හැදුවා. දැන් එයා හොදයිලු මං නරකයිලු. මොකක්ද මේ... මං ඕකිට හොද වැඩක් කරන්නම්කො' Meki ගේ ඇස් වලින් කදුළු ආවෙ නොදැනුවත්වමයි.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
"Hinami මේ මං Seung" Seung, Hinamiට කෝල් කරා.
"හ්ම්," මට Seungගෙන් මගේ නම්බර් එක ලැබුනෙ කොහොමද කියලවත් අහන්න සිහියක් තිබුනෙ නෑ. මං හිටියේ මගේ මුළු ජීවිතේම කඩා වැටිලා වගේ. මට දැනුණෙ ලොකු තනිකමක්.
"ඔයා ඇයි අද ක්ලාස් ආවෙ නැත්තෙ"
"මගේ ඇගට හරි නෑ වගේ"
"ලෙඩ වෙලාද? බෙහෙත් ගත්තද?"
"නෑ... මට එච්චර අමාරුවක් නෑ"
"ඉන්න... ඔයා කොහෙද ඉන්නෙ. මං එන්නම්"
"ඕනි නෑ..." මං ඉක්මනින් කෝල් එක කට් කලා. Seung ආයෙ ගියේ Meki හොයාගෙන.
"ඒ Hinami ඉන්නෙ කොහෙද?"
"මං දන්නෙ නෑ. ඇයි එයාගෙන් අහගත්තෙ නැද්ද?"
"Hinami ඉන්නෙ කොහෙද කියනවා" Seung, Mekiට කෑ ගැහුවා. Meki බයට ගැස්සිලා ගියා.
"මං අහපු දේට උත්තර දෙනවා" ටිකක් වෙලා Seungගේ ඇස් දිහා බලන් හිටපු Meki, Hinami ඉන්න බෝඩින් එක ගැන කිව්වා. Seung ආයෙ යන දිහා බලන් හිටපු Meki ලොකු හුස්මක් පිට කලා. 'මේකි තමයි මේ සේරටම මුල'
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
'ටක් ටක්' දොරට ගහන හඩක් ඇහුනා. 'කවුද මේ වෙලේ Meki වත් ද?' මං හෙමින් දොර ඇරියා. ඒ Seung මං පුදුම වුනා.
"ආහ්... Hinami" Seung එයාගෙ මූණ හිනාවකින් සරස ගත්තා.
"ඔයා මොකද මෙහෙ"
"ආපු ගමන් ප්‍රශ්න අහන්නෙ. මට ඇතුළට කතා කරන්නෙ නැද්ද?"
"ආහ්..." මං එහෙම කියනවත් එක්කම Seung රූම් එක ඇතුළට ආවා. ඇතුළට ආපු ගමන් Seung මගේ ඔලුවට අත තියලා බැලුවා.
"ඔයා රස්නෙ නෑනෙ"
"හ්ම්," මං බිම බලාගත්තා. ඒක ඇගේ අමාරුවක් නෙවේ හිතේ අමාරුවක්.
"Hinami ඔයාට ප්‍රශ්නයක්ද?"
"නෑ"
"මේ අහන්න මට ඔයාගෙ boyfriend වෙන්න බැරුව ඇති ඒත් මට ඔයගෙ යාලුවෙක් හරි වෙන්න ඉඩ දෙන්න" Seung මගේ උරිහිස් දෙකෙන්ම අල්ල ගෙන මූණට එබුනා.
"අහ්..." මට එකපාරටම කදුළු එන්න ගත්තා.
"Hinami අඩන්න එපා" Seung ආයෙ මාව තුරුළු කර ගත්තා. ඒත් මේ පාර මට වෙන කාගෙවත් උණුහුමකට තුරුළු වෙන්න ඕනි වුනේ නෑ. මට ඕනි වුනේ Jihoon විතරයි. ඒ ක්ශනයෙන් මං Seungව තල්ලු කලා. Seung මං දිහා පුදුමෙන් වගේ බලන් හිටියා.
"ප්ලීස් Seung දැන් ඔයා යන්න" මං Seungව දොරෙන් එළියට තල්ලු කලා. ඒත් එක්කම Seung මාවත් එළියට ඇදලා ගත්තා. රූම් එකේ දොරත් ඒ ක්ශනයෙන් වැහුවා. එළියෙ සීතලට මං මගේ අත් දෙක එකට පිරි මැද්දා. Seung එයාගෙ ජැකට් එක ගලවලා මට දුන්නා.
"තැස්න්ක්ස් Seung ඒත් ඇයි මේ" මං Seung දිහා පුදුමෙන් වගේ බලන් හිටියා.
"ඔයාගෙ ඔය ලෙඩේ ගැන මට නිදහසේ ඇවිදින ගමන් කියන්න එතකොට ඔයාට හොදක් දැනෙයි" Seung මූණ හරිම කාරුණික පාටයි. 'ඇයි Seung මෙහෙම හැසිරෙන්නෙ. මට එයා ගැන අනුකම්පා හිතුනා'
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"හ්ම්," මායි එයයි පාර්ක් එකේ ඇවිදිමින් හිටියේ. මං මගේ හිතේ තිබුන දුක හැමදේම හංගන්නෙ නැතුව එයාට කිව්වා. ඒකෙන් ටිකක් මගේ හිතට සැහැල්ලුවක් දුනුනා. හැබැයි ඒ සැහැල්ලුව තිබුනෙ ටික වෙලාවක් විතරයි. ඒ මොහොතේ මං දැකපු දෙයින් මගේ හිතට දැනුන සැහැල්ලුව වගේම මගේ ජීවිතේ තිබුන හැමදේම නැති වුනා. මට මේ දේ අදහගන්න බැරි වුනා. මං හිතුවෙ මගෙ පපුව පැලිලා මැරෙයි කියලා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
අද දිග එකක් දෙන්න හිටියෙ. ඒත් හොද කෑල්ලකින් නවත්තන්න ඕනි නිසා ටිකක් පොඩි කලා. 😅 මරණ තර්ජන මැද්දෙ මං මේක ලිව්වෙ. 😓 අද එක කොහොමද කියලා comment කරන්න. I 💜️ u...
YOU ARE READING
Even If You Are Ugly 🔴 COMPLETED 🔴
Fanfictionආදරය ලබන්න ලස්සන අවශ්‍ය ද? හැමදේම පෙනුම මත රඳා පවතීද? මැයව jimin ප්‍රතික්ශේප කරයිද?
