chapter 02 😇😈

1.5K 192 9
                                    

රතු වෙලා හිටිය මිකිල්ගෙ මූනෙ දාඩියකුත් දැම්මෙ මේ නොදන්න කොල්ලො දෙන්නා එන පොට හොඳ නැති බව තේරුන නිසයි....

🙉 මිකිල්.... මිකිල්..... මන් තමුන්ගෙ හිනාවට චුට්ටක් වත් කැමති නෑ. නික් කිව්වෙ මිකිල්ගෙ කම්මුල් දෙක එක අතකින් රිදෙන්නම අල්ලගෙන..

😇 ආහ්ව්....

මිකිල්ට කෙඳිරි ගෑවුනේ තමන්ගෙ කම්මුල් දෙක අඬුවකට අහු උනා වගෙ හැඟීමක් දැනෙද්දි වගේම මිකිල් අමතක කරන්න හදන අඳුරු අතීතෙ ආය මතකෙට එද්දි..

😇 අතාරින්න මාව... ඇයි මෙහෙම කරන්නෙ මට... මිකිල් කිව්වෙ ඇස් වල කඳුලුත් පිරෙද්දි....

😺 ඕහ් කමෝන් බ්‍රෝ ඔහොම ඇල්ලුවා කියලා ඔච්චර රිදෙනවද... බ්‍රයන් මිකිල්ට විහිලු කරේ නික් මිකිල්ගෙ කම්මුල අතෑරලා හිනා වෙද්දි....

මේ දෙන්නා හිනා වෙද්දි මිකිල් බිම බලාගෙනම හිටියෙ එයාට ඇඬෙන්න එන නිසා. ඒවගේ කම්මුල් දෙපැත්තෙ නික්ගෙ ඇඟිලි පාරවල් හරි ලස්සන්ට ඇඳිලා තිබුනා.....

🙉 තමුන්ට අපි දැන් පොඩි ටාස්ක් එකක් දෙනවා. තමුන් මේක කරන්නම ඕනි එහෙම නැති උනොත් තමුන්ට ඉස්සරහට ලොකු දේවල් වලට මූන දෙන්න වෙයි නික් කිව්වෙ කින්ඩියට හිනා වෙන ගමන්මයි...

මේ වෙද්දි නම් මිකිල් හිටියෙ ඕනිවටත් වඩා බය වෙලා....

😇 මො.. මොකද්ද මන් කරන්න ඕනි....

😺 තමුන් පේනවද අර අතන බෙන්ච් එක් ලඟ බ්ලැක් ටී එකක් ඇඳන් බෝයි කෙනෙක් ඉන්නවා.. තමුන්ට කරන්න තියෙන්නෙ එතන්ට ගිහින් ඒ බෝයිට කම්මුලට එකක් ගහන එක විතරයි.. බ්‍රයන් කිව්වෙ එයාලගෙ සෙට් එකේම කොල්ලෙක් වෙච්ච ඩීටර්ව පෙන්නලා.. බ්‍රයන් හොඳටම දන්නවා ඩීටර්ට අත තිබ්බොත් ඌට ලේසි වෙන්නෑ කියලා....

😇 මොකක්... ඒත් ඇයි..

🙉 ඇයි කියලා තමුසෙට වැඩක් නෑ නෙ... අපි කිව්වම තමුසෙ ඒක කරන්න ඕනි.. දැන් යනවා...

මිකිල් ඔලුවත් බිමට හරවන් ගියේ එයා කිසිසේත්ම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැති නිසා... ඒ වගේම මිකිල්ට තේරුනා එයා මේක නොකලොත් එයාට තව ලොකු කරදර වලට මූන දෙන්න වෙනවා කියලා...

කොහොම හරි කොල්ලා ගිහින් ඩීටර් ට ඉස්සරහා හිට ගත්තා...

කිසි හේතුවක් නැතුව කොල්ලෙක් ඉස්සරහා හිට ගද්දි ඩීටර් බැලුවෙ මේ මොකද කියලා...

ඇයි මොකද්ද වෙන්න ඕනි ඩීටර් ඇහුවෙ මිකිල්ගෙන්...

මිකිල් කිසි දෙයක් නොකියා හිටියේ බයට මුලු ඇඟම වෙව්ලද්දි... පුලුවන් තරම් සංසුන් වෙන්න ට්‍රයි කරපු මිකිල් ලොකු හුස්මක් අරන් ඩිටර්ගෙ කම්මුලට පාරක් ගැහුවෙ එයාගෙ මුලු ශක්තියම එකතු කරලා....

ඈත ඉඳන් මේක බලන් හිටිය නික්ටයි බ්‍රයන්ටයි නම් ඩීටර් ගුටි කන එක ආතල් එකක් උනා...

එක පාරට උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරි උන බ්‍රයන් මිකිල් දිහා බැලුවෙ මරං කන්න තරම් බැල්මකින්. කොහෙවත් හිටපු එකෙක් කැම්පස් එකේ හැමෝම ඉස්සරහා තමන්ගෙ කනට ගැහුවම ඒක කොහොම දරා ගන්නද...

මේ වෙද්දි නම් මිකිල් හිටියෙ කෙලත් ගිල ගන්න බැරි වෙන තරමට බය වෙලා. වෙව්ලන අත් දෙකත් ගුලි කරන් මිකිල් බිම බලන් හිටියෙ ඊලඟට මොකක් වෙයිද කියලා.....

තෝ පොඩි ප*යා..කොහොමද යකෝ මට අත තියන්නෙ කියන ගමන්ම ඩීටර් අත ඉස්සුවෙ මිකිල්ට ගහන්න....

ඒත් ඒ එක්කම........ ‼️‼️

ඒත් ඒ එක්කම මොනා වෙන්න ඇතිද 😁😁😁

කතාව කොහොමද කියලා නම් දන්නෙ නෑ කට්ටිය අදහස් කියන් යන්න... ❤

~Blackcoffee~

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now