chapter 12 😈😇

663 132 3
                                    

ඒ එක්කම ආපු පොරක් ඩෙවින්ට ගහන්න අත උස්සද්දිම බිමට වැටුනෙ නික් පිටිපස්සෙන් ඒ මනුස්සයාට පොල්ලකින් ගහද්දි. එතන හිටපු හැමෝවම ඉවර කරලා ඩෙවින් අල්ල ගත්තෙ එතන හිටිය team leader ව... නැගිටගන්න බැරි වෙන්න ඩෙවින් ඒ මනුස්සයාටත් ගැහුවා..

😈 ගිහින් කියපන් උබෙ බොසාට මේක නවත්තන්න කාලෙ හරි කියලා. ඌට කියපන් ආය මේ ඩෙවිල්ගෙ වචනෙට උඩින් ඇගිල්ලක් හරි හෙල්ලුවොත් ඌට අඩි හයක් යටට යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා....ඩෙවින් කිව්වෙ ඒ මනුස්සයාගෙ ඔලුවට ගන් එකත් තියන ගමන්.

😈 තෝ දන්නවනේ මේ ඩෙවිල් කිව්වොත් දෙයක් කරනවා කියලා. ඒ නිසා හොඳ පැහැදිලිව උබෙ බොස්ට ඕක කියපන්. හැබැයි මන් කියන දේ අහන්නැතුව ඕකා නටන්න ගත්තොත් මන් තොපි එකෙක්වත් ඉතුරු කරන්නෑ තොට තේරුනාද... ආය තෝත් මගෙ ඇස් දෙකට පේන්න තියා මේ ඒරියා එකෙ වත් ඉන්න බෑ. උබට තේරුනාද ඩෙවින් ඇහුවෙ ඒ මූනටම එබිලා..

ඕ..ඕව් බොස් තේරුනා. ඒ මනුස්සයා කිව්වෙ වෙව්ලන ගමන්...

ආ දැන් පලයං එහෙනම්. ගිහින් ගානට උබෙ බොසාට කියපන්... ඩෙවින් පයින් එකක් ගහන ගමන්ම මනුස්සයාට කිව්වෙ ඒ මනුස්සයා අමාරුවෙන් නැගිටිද්දි.

එයාවත් යවලා ඩෙවින්ලා වැඩ ඉවර කරේ මුලු ගබඩාවටම ගිනි තියලා ඇතුලේ දේවල් ඔක්කොම විනාස වෙන හැටි පේද්දි.. ඒවගේම කිසිම සාක්ශියක් ඉතුරු නොකර ඩෙවින්ලා එතනින් ආවෙ ගුටි කාපු සෙට් එක මේ වෙද්දිත් පැනලා ගිහින් තිබුන නිසා.....

මේ වැඩ ඉවර කරලා කට්ටියවත් යවලා ඩෙවින් ගෙදරට එද්දි පාන්දර 4.30 විතර ඇති. වොශ් එකකුත් දාන් ඇඳට වැටුනෙ කොල්ලට මහන්සියට නින්ද යද්දි..

ඊලඟ දවසෙ ඇහරිලා වෙලාව බලද්දි ඩෙවින් තරු පෙනුනා. උදේ 11.30. ඩෙවින් ඉක්මන්ට කතා කලේ නික්ටයි බ්‍රයන්ටයි ඒ ඩබලත් නැගිට්ටෙ ඩෙවින් කෝල් කලාම තමා. තුන් දේනාම කතා උනේ 1.30 වෙද්දි කැම්පස් එකට යන්න දවල් ලෙක් එකට...

කොහොම හරි තුන්දෙනා 1 ට විතර කැම්පස් එකට ගිහින් ඇවිද ඇවිද හිටිය ලෙක් එක පටන් ගන්න කන්...

ඔය වෙලාවෙ තමයි මිකිල් දැක්කෙ බයික් එකටත් ජැක් එකක් ගහන් ෆෝන් එක ඔබ ඔබ ඉන්න ඩෙවින්ව...

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now