chapter 31 😈😇

663 115 10
                                    

එක දිගටම මිකිල් කෝල් ගන්න එකෙන් උනේ ඩෙවින්ගෙ කේන්තිය තවත් වැඩි වෙන එක...

කේන්තියෙ උපරිම අවස්ථාවෙ හිටිය ඩෙවින් මිකිල්ගෙ කෝල් එක ආන්ස්වර් කරලා මිකිල්ට බැන්නෙ මිකිල් වචනයක් වත් කතා කරන්න කලින්..

😈 තමුසෙට ටිකක් පාඩුවෙ ඉන්න බැරිද ඕයි මෙහෙම වද දෙන්නෙ ඇයි මට.... තමුසෙ මහ කරුමයක්... මට තමුසෙව අප්පිරියයි....තමුසෙ ආය මගෙ ඇස් දෙකට පේන්න වත් එන්න එපා.... අපේ සම්බන්දෙ මෙතනින් ඉවරයි... ඩෙවින් කියලා එකෙක් තමුසෙ එක්ක හිටියා කියන එකත් තමුසෙ අමතක කරලා දානවා......

මිකිල්ට කෑ ගහලා කෝල් එක කට් කරලා ඩෙවින් එතනම බිම ඉඳ ගත්තෙ කඳුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා....

😈  ඇයි මිකී ඔයා මෙහෙම කරන්නෙ මට... ඇයි.... මන් ඔයාට මොනා කරාටද මිකී මටයි මගෙ පවුලෙ අයටයි ඔයාලා මෙහෙම කරන්නෙ... මන් කොච්චර ආදරේ කලාද ඔයාට එහෙම ඉද්දිත් ඇයි මැණික ඔයා මට මෙහෙම කරන්නේ...... ඩෙවින් තනියම කියවන්න ගත්තෙ අඬන ගමන්මයි....

තාත්තගෙ ප්‍රශ්නෙදි ඩෙවින් මිකිල්ට සමාව දුන්නෙ ඒ දේ කලේ මිකිල්ගෙ තාත්තා මිසක් මිකිල් නෙවෙයි නිසා.. ඒත් මේ දේට නම් මිකිල්ට සමාවක් දෙන්න ඩෙවින්ට බැරි උනා...

උදේ ඉඳන් කෝල් කරලා අන්තිමට ඩෙවින් ආන්සර් කරලා මෙහෙම කියද්දි මිකිල් හිටියෙ උන දේ හිතා ගන්න බැරුව... ඒත් ඩෙවින්ගෙ වචන මිකිල්ගෙ හිත ඕනවටත් වඩා රිද්දලා තිබ්බා.. ඩෙවින් නිතරම ආදරෙන් කතා කලේ නැති උනත් එයා කවදාවත් මිකිල්ට මෙහෙම කෑ ගහලා තිබුනෙත් නෑ... ඒ නිසයි ඒ වචන මිකිල්ව මෙච්චර රිද්දුවෙ...

මිකිල් ඩෙවින්ට දිගින් දිගටම කෝල් කරේ ඒ ඇස් වලිනුත් ඉවරයක් නැතුව කඳුලු වැටෙද්දි... ඒත් කිසි කෝල් එකක් ආන්සර් නොකරපු ඩෙවින් අන්තිමට එයාගෙ ෆෝන් එක ඕෆ් කරලා තිබුනෙ මිකිල්ගෙ හිත තවත් රිදෙද්දි....

😇 සුවී... මන් දන්නෑ ඇයි ඔයා ඔහොම කතා කලෙ කියලා මට.. මන් කිසි වැරැද්දක් කලේ නෑ ඔයාට.. ඒත් මන් අතින් ඔයාගෙ හිත රිදෙන දෙයක් උනා නම් මට සමාවෙන්න... ප්ලීස් මගෙ කෝල්ස් ආන්ස්වර් කරන්න..සුවී මන් බලන් ඉන්නවා... අපි කතා කරලා මේ දේ විසඳ ගමු සුවී... ප්ලීස් මාව එපා කියලා කියන්න එපා ඔයා දන්නවනෙ මට ඔයා නැතුව බෑ කියලා.... මන් ආදරෙයි ඔයාට... ප්ලීස් මාව දාලා යන්න එපා....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now