🚫 ₱₳Ɽ₮ 6... 🚫

977 198 83
                                    

Yu: ලෙඩ වෙන්නද හදන්නේ ආ...? ඇයි මට මෙහෙම කරන්නෙ.... මේක කනවා මගේ යකා අවුස්සගන්නේ නැතුව... ඔයත් ලෙඩ වුනාම මට මොකද වෙන්නේ ආ....? කවුරුත් මන් ගැන හිතන්නේ නෑ... මේක කනවා... කන්න බැයිනම් මැරිලා යනවා... මට මේක ඇති වෙලා.. පවුකාරකමට මැරිලා යන්නෙවත් නෑනේ... මට..මට පිස්සු හැදෙයි... මට බෑ..මට..මට මැරිලා යන්න ඕනා... තවත් බෑ මට ඉවසන්න... මනුස්සයෙක්ට දරා ගන්න පුලුවන් තරමක් තියෙනවා... ඔම්මා... මට මේ ජීවිතේ එපා වෙලා... I..I hate this f*cking life... I hate myself.. I wanna die..
ආආර්‍රර්‍රහ්හ්හ්හ්හ්

Yu කෑගහගෙන තමන්ගේ ඔලුවත් බදාගෙන එතන වැටුනේ පරඩැලක් වගේ... සෙනූට තාම හිතාගන්න බෑ මොනාද වෙන්නේ කියලා.. කවදාවත් Yu මේ විදිහට හැසිරෙනවා සෙනූ දැකලා තිබ්බේ නෑ.. හැමෝටම චංඩිකම් කරන..., හැමවෙලේම හිනා වෙලා අනිත් හැමෝවමත් හිනස්සන Yu මෙහෙම අඩනවා බලන් ඉන්න සෙනූට පුලුවන්කමක් තිබ්බේ නෑ.. කවුද කැමති තමන්ගේ හොදම යාලුවා, තමන්ගේ සහෝදරිය, මෙහෙම අඩනවා බලන්න... එයා අතින්නුත් වැරැද්දක් වුනේ කියලා තේරුන නිසාම එයා ගිහින් Yu ව හයියෙන් බදාගෙන අඩන්න ගත්තේ පොඩි ලමයෙක් වගේ...

Eujin: අනේ... අනේ Yu... මැනික... ඇයි මේ...? අඩන්න එපා.... මන්..මන් අනේ... මට සමාවෙන්න Yu... මන් නිසා තමා මේ ඔක්කොම...

Yu: මට බෑ සෙනූ.. මගේ පපුව පැලෙන්න වගේ රිදෙනවා.. මට මේක තවත් දරා ගන්න බෑ සෙනූ... මාත් මනුස්සයෙක්...

Eujin: අනේ Yu... මට..මට සමාවෙන්න...

සෙනූ හයියෙන් අඩන්න ගත්තේ එයාටම වැරැද්ද පටලවගෙන Yu ගෙන් සමාව ඉල්ලන ගමන්...

Yu: මේ අහන්න ඔයාගේ වැරැද්දක් නෙමෙයි... මමමයි වැරදි... කෝ දැන් අඩන්න එපා... අනේ ඉතින්.. අඩන්න එපා... ඔයා වැරද්දක් කරලා නෑ... කෝ ඉතින් කියන දේ අහලා ඔය කදුලු පිහද ගන්න...

Eujin: ඔයා අඩනකොට මන් බලන් ඉන්නේ කොහොමද..? මන් නිසයි මේ ඔක්කොම... sorry Yu...

Yu: අයියෝ මන් අඩන්නෙ නෑ.. මේ බලන්න... මේ මන් අඩන්නේ නෑ...

මට සෙනූව අඩවන්න ඕනෙ වුනේ නෑ.. මට ඒ වෙලාවේ තරහා ගියා... ඒත් එයා අඩනවා බලන්න ඕනෙ වුනේ නෑ.. මන් මගේ වේදනාව එයාට පෙන්නන්න කැමති නොවෙන්නත් ලොකුම හේතුව මේකයි... එයා නිකන් පොඩි ලමයෙක් වගේ.... පුංචි දේටත් හුගක් බය වෙනවා.., ඒ වගේම හුගක් අඩනවා.. ඒක නිසාම මන් ආයෙ කදුලු පිහදලා එයා දිහා බලලා හිනාවුනේ 'මන් හොදින්' කියලා පෙන්නන්න...

♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now