මන් යනකොට සෙනූ නිදි... Jungkook ඔප්පා ඔලුව අතගානවා... මන් ලගටම ගියාම මාව දැක්ක ඔප්පා කටට ඇගිල්ලක් තියලා පෙන්නුවේ කතා කරන්න එපා කියන්න වගේ... සෙනුත් හරිම තෙහෙට්ටු පාටයි... නිදන් ඉන්න කෙනා ඇහැරවන්න ඕන නැති නිසාම මන් ඒ දෙන්නට පාඩුවේ ඉන්න දීලා කාමරෙන් එලියට ගියා... අනික බය වෙන්න දේකුත් නෑ... හැබැයි ඉතින් හිතේ කොනක පොඩි කුතුහලයක්නම් තිබුනා... හෙටම බලමුකෝ ඒක ගැන...
මන් කෙලින්ම ගියේ කොනේම තියෙන බැල්කනි එකට... නොදැනිම මගේ කටින් බර හුස්මක් පිටවුනේ අතීතය මතක් කරලා දෙන ගමන්...
අද දවස ගත්තොත් එක අතකින් මන් සතුටු වෙන්නද ඕන දුක් වෙන්නද ඕන කියලවත් මට හිතාගන්න බෑ... සතුටුයි අන්තිමට චිමී මාව විශ්වාස කල එකට... ඒත් එයා ඇත්තටම මට සමාව දුන්නද...? එච්චර ඉක්මනට...? ම්ම්ම් ඒක මටත් ප්‍රශ්නයක්...
ඈතින් පේන අහස දිහා බලාගෙන එක එක දේවල් කල්පනා කර කර හිතපු මට මතක් වුනේ මගේ පැටියව...
මන් එදා කල්පනාවෙන් හිටියනම් මගේ පැටියා අද එයාගේ අප්පා එක්ක සෙල්ලම් කරනවා... එහෙනම් ජිමින් කොච්චර සතුටු වෙයිද...? ඒත්... මට අඩුම මගේ පැටියවවත් පරිස්සම් කරන්න බැරි වුනා.. මන් මහා පවුකාරයි...
සමාවෙන්න පුතේ මේ පවුකාර අම්මට... මගේ මැනික ඔම්මා එක්ක තරහින් නේද ඉන්නේ... මටත් මන් එක්කම තියෙන්නේ තරහක් තමයි පුතේ... ඔයා හොද තැනකට වෙලා සතුටින් ඉන්න...
ඇස් දෙකෙන් කදුලු පේලියට ගලන් යද්දි මට දැනුනේ මගේ බඩ වටේට මොකක් හරි එතෙනවා වගේ... ඒ වෙන කවුරුත් නෙමෙයි ඉතින්...
"මොනවද ඔච්චර කල්පනා කරන්නේ...? ම්ම්...?"
"මුකුත් නෑ..."
හොරෙන්ම කදුලු පිහදාගන්න ගමන් මන් කිව්වාම ජිමින් මාව තවත් තදින් බදාගත්තා...
"පරණ දේවල් වලට සමා වෙන්න මැණික... මන්..මන් මෝඩ වුනා... අඩන්න එපා please..."
"ඔයා නෙමෙයි ජිමින්... මමයි සමාව ඉල්ලන්න ඕනා... මි..මියානේ... ම..ට අඩු..ම අපේ පැ..ටියවවත්-"
"ෂ්ෂ්..."
මන් කියන්න හදපු දේ කියන්න නොදීම ජිමින් මාව එයාගේ පැත්තට හරවත්තා...
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
Fanfiction"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...