🚫 ₱₳Ɽ₮ 14 (ⱤɆVɆ₦₲Ɇ)... 🚫

942 188 152
                                    

"ඔ..ඔප්පා..."

👨‍⚕️: ඔව් ඒ මම... බය වෙන්න එපා ඔයාට කාගෙන්වත් කරදරයක් වෙන්නේ නෑ... දැන් කියන්න ඇයි Jiminට මේ දේවල් කියන්නේ නැත්තේ...?

Yu: ඔප්පා... මන් කොහොමද කියන්නේ ඔප්පා.. මගේ අප්පයි හැමදේම කලේ... එයා මටත් වෛර කරනවා ඇති ඔප්පා... අනික...

👨‍⚕️: අනික මොකද්ද Yu..?

Yu: එයා marry කරලනේ... ඉතින් එයාට දැන් පවුලක් ඉන්නවා... මන් කෝමද..-

👨‍⚕️: ආහ්?

Yu: මන් දන්නවා ඔප්පා..

මගේ ඇස් දෙකේ කදුලු... කවුද කැමති තමන්ගේ ආදරේ වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න... මටත් එහෙමයි... සතුටුයි.... ඒ වගේම මහා ගොඩක් දුකයි...

Yu: එයාට මොනාද අඩු ඔප්පා... එයාට දැන් එයාගෙම කියලා ජීවිතයක් තියෙනවා.. පවුලක් ඉන්නවා... ඒ වගේම දරුවෙක් ඉන්නවා... තව මොනාද මනුස්සයෙක්ට ඕන...?-

👨‍⚕️: දරුවෙක්...? යා.... මොනාද කියවන්නේ...

මන් එක දිගට මගේ හිතේ තිබ්බ දේවල් කියවන්න ගත්තාම ඔප්පා මන් දිහා බැලුවේ පුදුමෙන් වගේ...

Yu: හංගන්න හදන්න එපා ඔප්පා... තවත් හංගන්න එපා... මන් දන්නවා... හැමදේම දන්නවා..

මට ආව තරහට මන් හයියෙන් කෑ ගැහුවේ ආයෙත් පපුවෙන් ආව වේදනාවත් එක්කමයි...

👨‍⚕️: හංගන්න එහෙම දෙයක් තියෙන්න ඕනානේ...

ඔප්පා හරිම නිවිච්ච විදිහට එහෙම කිව්වාම මන් එයා දිහා බැලුවේ 'මොකද්ද ඒකේ තේරුම' කියලා අහන්න වගේ...

👨‍⚕️: යා... මෝඩි Jimin කාවවත් බැන්දෙත් නෑ... Jiminට ඇති ලමයෙකුත් නෑ... මනස්ගාත අයින් කරගන්නවා ඔය චූටි ඔලුවෙන්... බොරුවටනේ මේ...

Yu: න්..නෑ...?... ඇත්තටම...ඇ..ඇත්තටමද...? ඒවා බො..බොරුද ඔප්පා... ඒවා ඇත්තටම බොරුද...?

ඒවා බොරු... දෙයියනේ එයා..එයා මාව රවට්ටලා නෑ... මට සතුටුයි.. කියා ගන්න බැරි තරම් සතුටුයි... ඒත් එයා තාමත් මගේද...? නෑ කොහෙත්ම නෑ... එයා දැනට වෙන කාගෙවත් නොවුනත් තවදිරටත් මට අයිති නෑ කියලා මතක් වෙද්දි ක්ශනිකයෙන් මගේ සතුට නැති වෙලා ගියා...

♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now