🚫 ₱₳Ɽ₮ 13... 🚫

1.1K 187 74
                                    

දොර ගාවින් ඇහුනේ ගැඹුරු පිරිමි කටහඩක්.. එතන හිටියේ වෙන කවුරුත් නෙමෙයි...

'J..Jungkook Oppah....!!'

'Yuji...?!!'

අපි දෙන්නා එකම වෙලාවේ දෙන්නගෙම නම් කියද්දි සෙනූ ඒ දිහා බලන් හිටියේ පුදුමෙන්... මටනම් පුදුමයක් නෑ... කොහොමත් Jimin Jungkook කියන්නේ පොඩි කාලෙ ඉදන්ම එකට ඉන්න අය...

😎: උබ මන් නැති වෙලේ ඔක්කොම කරලානේ බන්....

එයාගේ mood එක සම්පූර්ණයෙන් වෙනස් වුනා... තරහක් එක්කම නෝන්ඩි හිනාවකින් එයා මන් දිහා බැලුවා...

😎: Hi Miss..., Oh sorry Mrs.Yuji...?

සෙනූ මගේ මූන දිහා කන්න වගේ බැලුවා... මොනාද කියන්න හැදුවත් මන් එයාව නතර කලා... මට Jungkook ඔප්පගේ මූන බලන්න තරම් ශක්තියක් නෑ... මන් බිම බලාගත්තා වගේම ආයෙත් මගෙ ඇස් දෙකෙන් කදුලු බේරෙන්න ගත්තේ ඉවසන්න බැරි තරම් පපුව රිදෙනකොට... සැරෙන් සැරේ පපුවේ වම් පැත්තෙන් ආව වේදනාව අද වෙනදට වඩා වැඩියි.. මන් පපුව අල්ලගෙන බිමට වැටුනේ වේදනාව දරාගන්නම බැරි තැන...

Eujin: Yu...!!

අන්තිමට ඇහුනේ සෙනූ කතා කරන එක විතරයි... මගේ මුලු වටේම අදුරු වුනා...

End Yu's Pov...

Eujin's Pov...,

'J..Jungkook Oppah....!!'

'Yuji...?!!'

මොකක්... එතකොට මෙයාද Jungkook... ඔව් මට Yu කලින් කියලා තිබ්බේ... Yu Jungkook ගැන කිව්වේ තමන්ගේම නොවුන තමන්ගෙම අයියා කියලා... එයාගේ හොදම යාලුවගේ අයියා...

😎: උබ මන් නැති වෙලේ ඔක්කොම කරලානේ බන්....

එයාගේ කියලත් වෙනසක් නෑ... Jimin වගේම එයාත් Yu දිහා බැලුවේ පුදුම තරහක් වගේම පලිගැනීමකින්.. ආයෙත් Yu දිහා බලලා එයා Yuට කතා කලා...

😎: Hi Miss..., Oh sorry Mrs.Yuji...?

WHAT...?? මූ මොනාද කියවන්නේ...? Yu marry කරලවත් නැතුව...? මන් එයාට කතා කරන්න හැදුවත් Yu මාව නතර කලා... මට Yu ව තේරුම් ගන්න බෑ... ඇයි එයා එහෙම කරන්නේ...? ඇයි එයා එයාවම රිද්ද ගන්නේ...? ඇත්ත කියලා මේ හැමදේකින්ම නිදහස් වෙන්න පුලුවන්කම තිබිලත් ඇයි මේ...?

ඒත් එක්කම මට දැනුනේ Yuගේ අත මගේ අතින් ගැලවෙනවා වගේ... මන් ඒ පැත්ත බලනවත් එක්කම Yu පපුවටත් අතක් තියාගෙන බිමට වැටුනා... එයා හිටියේ හුගක් අමාරුවකින්...

♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now