🎀 First Day 🎀

213 39 41
                                    

කොරියාවෙ ගතකරන පලවෙනි දවස...
කොහොමද කියන්නෙ...
අලුත් හුලගක්...
අලුත් එලියක්...
අලුත් දවසක්...
අලුත් මිනිස්සු...
හැමදාම විදින දේවල් වුණාට මේ ඔක්කොම කොරියාවෙනේ....😴 ඒ ගැන හිත හිත ඉන්නකොට මගෙ කන හරහා කොට්ටයක් ගියා... මගෙ ලස්සන හීනවලට බධාකරන එකා කවුද..

" ඒයි අල්ෆා නැගිටිනවා.. දවසම ඇදට වෙලා ඉන්නද හදන්නෙ... "

" යා.... යූනා... " මං කෑගහගෙන ඇදේ ඉදගත්තේ බාගෙට පියවුන ඇස් එක්ක..

" යනවා ගිහින් වොශ් දානවා... "

" හම්ම්ම්...  " යූනා නම් උදේම ස්නානය කරලා..  ඒකනේ මේ කියවන්නේ... මාත් ඈලි මෑලි කඩ කඩ bathroom එකට රිංග ගත්තා.. අද කොච්චර දේවල් කරන්න තියනවද... අපේ room එකේ මේ වගේ සන්සුන් වගේ තිබ්බට උමා සසීගෙ room එකම කාලගොට්ටියයි...

" උමා උබ එලියට එනවද නැද්ද.... "

" නැතෝ.... "

" මාත් නාන්න ඕනේ බන්... "

" ඉතින් නාපන්.. කවුද අල්ලගත්තේ...." උමා පැයකටත් වැඩිය ශවර් එක යටට වෙලා සිංදු කිය කිය නටද්දි.. සසී bathroom එකේ දොරට තඩිබෑවෙ එයාට නාගන්න දුන්නෙ නැති නිසා.. room එකකට එක bathroom එක ගානෙ තියනවා.. ඒක ඉතිම් ශෙයා පාරක් දාගන්න ඕනේ.. කොහෙද මේ වගේ දේවල් වලට මුන්ට එකමුතුකමක් නෑනේ...  පරක්කු වෙලා නැගිටපු නිසා සසියට return එක්ක දෙන්නත් ඕන හිංදම උමා හිතලම bathroom එකය වෙලා හිටියා...

" හරි හරි  හොඳට නාලා වරෙන්කො.. මං උබව පස්සෙ අල්ලගන්නම්... " උමාට රවාගන්න බැරි නිසා අහිංසක දොරටත් රවලා සසී රිංගුවෙ තරුයි නිරයි හිටපු room එකට.. වෙලාවට දෙන්නම wash දාලයි හිටියෙ.. යද්දි නිරා room එකෙන් එලියට එන ගමන් ඉද්දි සසී දුවගෙන ගිය පාරට නිරාගෙ ඇගේ හැප්පුනා...

" කොහෙද බම්ලො මේ උදේ පාන්දර දුවන්නේ.."

" නාන්න නාන්නෝ.. " කියාගෙන සසී හෙවිල්ලක් බැලිල්ලක් නැතුව room එක අස්සට රිංග ගත්තා....

" ආආආආආආආ......."  ඇතුලට පැන්න සසී දැකපු පාරට තරූ එක පාරම යටි ගිරියෙන් කෑගැහුවා...

" ආආආආ...... යනවා... සසියෝ... මං ඇදුම් අදිනවා... යනවකෝ... "  නිරා room එකෙන් එලියට යනවත් එක්කම තරූ wash room එකෙන් ආවෙ ඇඳුමක් දාගන්න.. ඒත් හිතන්නවත් වෙලාවක් නොදී ඇතුලට පැන්න සසීව දැකලා කෑගැහන්න ගත්තේ හරියට භූතයෙක් දැක්කා වගේ.. ඔව් වෙනසක් නෑ ඉතින්.. නැගිට්ට ගමන් කොහොමත් ඒ වගේනේ... 😅

Seoul  (Completed)Where stories live. Discover now