🎀 Fifth Day 🎀

119 37 39
                                    

" අපි break up වුනා... "

ඒ වචන ටිකත් එක්කම මුලු සාලෙම නිශ්ෂබ්ද වුනේ ඇල්පෙනෙත්තක් වැටුනත් ඇහෙන සයිස් එකට.. ළඟ පාත තිබ්බා නම් මං බිමට දාලා සද්දෙත් අහනවා...

" මොකක්.. "
නිරා කියපු දේට තරු නිදාගෙන හිටපු තැනින් නැගිටිද්දි ඒක අහලා අහක හිටපු සසියට බිබී හිටපු බීම එක ඉස්මොල්ලෙ ගිහින් එක දිගට මැරෙන්න යන මිනිහෙක් වගේ කහින්න ගත්තා..

" හිටාන් හිටාන්.. "  නෙත්මි අක්කා කහින සසියගෙ පිටට තඩිබාද්දි ඉතුරු කට්ටියම බැලුවෙ නිරා දිහා..

" නිරා මේ ඇත්තමද කියන්නෙ.. " උමා ඇහුවෙ බිම බලාන් හිටපු නිරාගෙ උරහිසට අතක් තියලා..

" ඔව් බන්... "

" කවදද.. "

" දැන් දවස් දෙකකට විතර කලින්.. " නිරා ඒක නිසා වෙන්න ඇතිමූණ එල්ලගෙන හිටියෙ..

" හේතුව.. "

" එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා.. "

" මං උබට කලින් ඉදන්ම කිව්වා නිරා.. මට ඌව එච්චර ඇල්ලුවෙ නෑ.. මගෙ නෑනා පොඩ්ඩ වෙන්නෙ නැතුව ගියා මෙතන වෙනඋන් පස්සෙ.. "

" දැන් ඒවගෙන් වැඩක් නෑ බන්.. ඌට එක හිතක් නෑ.  උබ බේරුනා.. " එහෙන් මෙහෙන් දන්න දහන් ගැට සේරම දාලා අපි ටික එතතුවෙලා නිරාගෙ හිතහදන්න සෑහෙන්න ගේමක් දෙද්දී කවුද කෙනෙක් door bell එක ගහන්න ගත්තා..

" ඇල්ෆා බලහන්කො.. "
අතේ තිබ්බ චිප්ස් පැකට් එක කඩලා කටට දාගන්න හදද්දිම ඩිශී අක්කා ඒක උදුරගෙන කියද්දි මං ගිහින් දොර ඇරියා...

" මස්සිනා.. "

" ආ.. මේ.. මගෙ යාලුවගෙ headset එක ඊයෙ මෙහෙ දාලා ගිහින් කිව්වා අපි ඒක ගෙනියන්න ආවෙ.. "

අපි...
පිටිපස්ස්ට වෙලා හිටපු මස්සිනාගෙ යාලුවත් ඔලුව දාලා හිනාපාරක් දැම්මා..

" තරූ ඉන්නවද... "

" ඕ.. එන්න ඇතුලට... "

" ඇල්ෆා... කවුද බන්.. ආව එකා ගියා නම් මෙහෙ වරෙන්කො දොරත් ඇරන් පාරෙ යං උන්ට කෙල හලනවද.. "

තරුවගෙ මිහිරි කටහඩ ගේ දෙවනත් වෙද්දි ඉස්සරහා හිටපු මිනිස්සු දෙන්නට මං අසරණ හිනාවක් දාලා ගේ ඇතුලට කතා කලා.. මං චුට්ටක් ලැජ්ජා වුණාට උබ තමා හිදටම ලැජ්ජා වුනේ තරුවො කරන්න දෙයක් නෑ..මස්සිනා ඔයාගෙ වෙන්ඩ වයිෆ්ගෙ හඩතමයි ඔය.. කවදා හරි ඔයාටත් ඔය ටිකම තමා...

Seoul  (Completed)Where stories live. Discover now