🎀Onthe way🎀

524 65 69
                                    

මාස ගාණක් මාස්ටර් ප්ලෑනක් ගහලා හිතේ හැටියට අපේ හීනයක් හැබෑකරගන්න අද කට්ටියම එක තැනකට එකතුවුනා..  කට්ටිය කිව්වෙ මෙතන කෙල්ලො අටක් ඉන්නවා.. මුලින්ම එයාලව අදුන්වලා දෙන්නම්..
තරු , ඩිශී , උමා , නිරා(ගිරා) , සසී , නෙත්මි(යූනා) , දුලා අන්තිමට මම දිල්රු කට්ටිය කියන්නෙ නම් ඇල්ෆා කියලා.. එතකොට ඔයාලට මේ ලස්සන කතාව කියන්නෙත් මමම තමා... 😁

වෙන අයට නම් අද හැමදාම ගෙවෙන සාමාන්‍ය දවසක් වුණාට අපි අට දෙනාට අද නිකන් අවුරුදු වගේ... කිව්ව වෙලාවටම කටුනායක airport එකට ආව වෙලාවට වැඩකරන  සෙට් එක අතරේ අපේ නිරා ඩිශී උමා වගේම යූනත් හිටියා.. මෙයාලා අකුරට වැඩ.. හුම්ම්.. 😌ඒත් කඩි කාපු මොක්කුද වගේ එහාට මෙහාට ඇවිදිනවා.. ඒ පරක්කු වුන අනිත් තුන්දෙනා එනකල්.. දැනටමත් විනාඩි 30ක් විතර ගියා...

" උමා.. ආයෙ කෝල් එකක් අරන් බලහන්.."

" මං ගත්තා..  තරු දුලා මේ ළඟ ඉන්නවා කිව්වෙ.."

" ළඟ කියලා තව කොහෙද බන්.. කෝ  පේන්න නෑනේ... "

" අර එන්නෙ.. " යූනා ඈතින් දුවගෙන එන තරූවයි දුලාවයි පෙන්නලා කියද්දි නිරාගෙ කේන්තිය ටිකක් නිව්නා වුණාට එතන අනිත් එකා නෑ කියලා දකිද්දි නිවුන කේන්තිය ආයෙ ඇගපුරා දිව්වා..

" කෝ ඇල්ෆා.. " 

" වෙලාවට වැඩ කරන එකෙක් ගැන කියවපන් ඩිශී.. ඔන්න බලහන්කො අපිට ඇල්ෆා නිසා අද යන්න බැරිවුනොත් මං ඕකිව ඉතුරු කරන්නෙ නෑ.. "  හැමෝම මේ ඇස් අයාගෙන බලාගෙන ඉන්නෙ මං එනකල්.. මාව හරි ලස්සනට මතක් කරනවා.. මග දිගට නහය එක දිගට දැවිල්ල ගත්තෙ එයාලගෙ ආදරේ දෝරෙ ගලන නිසා.. පොඩ්ඩක් ඉතින් එන්න පරක්කු වුනා..🤧

" ඒකි කවද්ද කියහන් වෙලාවට වැඩ කරන්නෙ.. අපි කට්ටියගෙන් හැමවෙලේම පරක්කුවෙන එකානේ... " ඩිශිත් ඇස් හතර වටේට කරකවන්න ගත්තේ බලන් ඉදලා බැරිම තැන...

" බඩගිනී බන් දැන්... " තරු ගත් කටටම කියද්දි නිරා එයා දිහා බැලුවෙ කන සයිස් එකට.. මේ පරක්කුවෙලා තියන වෙලාවක කන එකක් ගැන කියද්දි කේන්තියක් එන එක සාධාරණයි..

" නෑ බන් මං මේ දන්නවනේ බන්.. ආ අර එන්නෙ ඇල්ෆා.. " මාත් බැරි බැරි ගාතෙ අතේ පයේ බෑග් ටිකත් එල්ලගෙන මගෙ සුරදූතිකාවො ලගට දුවගෙන ආවෙ හොද බැනුම් අහගන්න වෙන්නෙ කියලා දැන දැනම..

Seoul  (Completed)Onde histórias criam vida. Descubra agora