🎀 Fourth Day🎀

133 39 55
                                    

තරුවා ඒක තමයි එහෙනම් ගාල කඩාගත්ත හරකාවගේ පඩිපෙළ දිගේ බඩගෑවෙ.. මං පොඩි හිනාවක් දාලා දොරකඩ හිටපු මස්සිනා දිහා බැලුවා..

" තරු ඉන්නවා නේද... "

" ආ.. ඔව් ඔව්.. එයා එයි.. එන්න ඇතුලට.. " මං එහෙම කියලා චුට්ටක් අහකට වුන පාරට මෙන්න යකූ තව කොල්ලෙක් කොහෙන්ද පාත්වුනා..
මං පුදුමවෙලා වගේ බලන් හිටපු නිසා කොල්ලා හිනාපාරක් දාලා කිව්වෙ එයාගෙ යාලුවෙක් කියලා.. අන්න එහෙම එන්න මල්ලි.. මෙහෙම එකා එකා ගේඇතුලට දුවගෙන එනකොට කම්පියුස් වෙනවනේ... මස්සිනා ලංකාවෙ වුණාට යාලුවා නම් මෙහෙ කෙනෙක් වගේ...
මං දෙන්නවම ඇතුලට ගත්තා... ඒ ගත්තෙත් ගේ ඇතුල දිහ දෙපාරක් විතර බලලා.. ඇයි යකූ මුන්ට තැනක් නොතැනක් නෑනේ.. නාන්න ගිය උන්ගෙන් එකෙක් හරි ටවල් එකක් එහෙම ඇදගෙන පහලට ආවොත් කාට කියන්නද..

" ඩිශියා උබ දැක්කද ඇල්ෆා group එකට දාලා තිබ්බ ඔපෙරාව.. " නිරා ඩිශී උමයි කිචන් එකේ කෑම හදහද හිටියෙ..

" ආයෙ වොයිස් එකක් දාලාද... "

" මේ පාර සෑඩ් මූවි එකක් බලනකොට ඒක ප්ලේ කරන්න ඕනේ.. " උමා කිව්වෙ ඊයෙ රෑවුන සිද්ධිය මතක් කරලා..

" හහහ හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ් හා.............
හහහ හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ් හා.............
හහහ හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ් හා............. "
( මේක් ඔපෙරේ වර්ශන් එකට කියන්න😂😂😂 නිරාගෙ ඔපෙරා වර්ශන් එක අහන්න ඕනේ නම් whats app එකෙන් ඉල්ලගන්න පුලුවන් )

අනේ දෙයියනේ නිරා අක්කේ...
සායම හෝදලා දියකරලම දැම්මා...
අර කොල්ලො දෙන්නව එක්කගෙන සාලෙට ආවහම කිචන් එකේ ඉදලා ඔපෙරා කියනවා.. living room එකේ ඉන්න ඕනම කෙනෙක්ට කිචන් එකේ වෙන දේවල් පේනවා.. ඉතින් අර ආපු මනුස්සයො දෙන්නා බය භීරාන්තවෙලා කිචන් එකේ හිටියා නිරා දිහා බලද්දි මං අතින් කට වහගෙන හිටියා මිසක් මුකුත් කියන්න ගියේ නෑ... පෑන් එකත් අතේ තියාගෙන ඔපෙරාව කිය කිය හිටපු නිරා අනිත් පැත්ත හැරිලා living room එකේහිටපු කට්ටිය දැක්කහම සුදුමැලිවෙලා ගියා.. හතුරෙක්ටවත් මේ වගේ ලැජ්ජාවක් වෙන්න එපා දෙවියනේ..
උමාත් කරන්න දෙයක් නැතිකමට කටවහගන අමාරුවෙන් හිනාව පාලනය කරගන්න හදනවා...

Seoul  (Completed)Where stories live. Discover now