To Jungkook

688 159 13
                                    

Miya's pov

මම එතනින් ආවේ මගේ කඳුලු  Jungkook ට  පෙන්නන්න ඕනේ වුනේ නැති නිසා.
ගෙදර ආපු ගමන් මම කරේ කොලේකුයි පෑනකුයි අරන් මගේ හිතේ තියෙන ඔක්කොම දේවල් Jungkook ට  කියන්න හිතාගෙන.

මගේ කුකිස්....,

මම මේ ලෝකේ ආදරේ කරපු එකම කෙනා ඔයා
මගේ ලෝකේ හිටියේ මට කියලා ඔයා විතරයි.
මම දන්නවා ඔයා අද ඔය තීරණය ගත්තේ මම නිසාමයි කියලා
ඒ නිසා මට දුකක් නැහැ Jungkook
අනික ඔයා මට දෙන්න පුලුවන් උපරිම දේවල් දුන්නා..
ඔයාගේ scholarship  එක නිසා මට තව ටික දවසකින් job එකකට යන්න පුලුවන්...
ඔයා මට අලුත් ජීවිතයක් දුන්නා..
එහෙම දේවල් දීලා තියෙද්දිත් තව දේවල් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්න මට බැහැ
අනාථයෙක් විදියට සමාජෙන් කොන්වෙලා ඉඳපු මට අම්මගේ තාත්තගේ සහෝදරයෙක්ගේ ආදරවන්තයෙකුගේ ආදරේ එක පාරට දුන්නට ඔයාට ගොඩක් ස්තූතී  Jungkook
ඒ ආදරේ මාව දිගටම ජීවත් කරවාවි.
ඔයා හිතනවනම් මාව තනිකරලා දාලා ගියා කියලා
නෑ ඒක එහෙම නෑ
ඔයා ගියේ ඔයාගේ ප්‍රතිරූපයක් මට දීලා...
ඒ නිසා මට තනියක් නැහැ..
එදත් අදත් හෙටත් මගේ ලෝකේ ඉන්නේ පි දෙන්නා විතරයි ..
සතුටින් ඉන්න...

මියා...

කඳුලු වැටිලා ලියලු අකුරු බොඳවෙලා යද්දි මම ලියුම පපුවට තියලා තදකරගත්තේ ඒ අකුරු පපුවට කාවද්දගන්න.

මේක දුන්නොත් නැති ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්....

ලියුමත් අරන් ගේ පිටිපස්සට ගියපු මම ඇවිලෙමින් තිබුන ගින්නට ඒක දැම්මා...

මේවා මගේ හදවතේ තිබුනම හොඳටම ඇති....
.

මේවා මගේ හදවතේ තිබුනම හොඳටම ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.
.
.
.

To be continued ....

Author 's note 🍃✨️

තව එක චූට්ටයි තින්නේ.

Lan_Kimra

One night , Etarnal Life   || ✔️Where stories live. Discover now