_Chapter 2_

471 71 1
                                    

"ඒත්.... මට හිතා ගන්න බෑ ටේ මගේ favorite member වුණාට කුකීව දකිද්දි මහ අමුතු දෙයක් දැනෙනවා." සෞම්‍යා අර ෆොටෝ එක දිහා බලන් කිව්වා.

"අමුතු දෙයක්?" චතූ ඇහුවා.

"උඹට තේරෙන්නෙ නැද්ද බං මේකි ඒ කොල්ලාට ආදරේ කරන්න පටන් අරන් තියෙන්නේ. මං හරිනෙ සෞම්‍යා" සද් සෞම්‍යා දිහා බැලුවා.

" අනේ නෑ.... ඒත් මං හිතන්නේ වෙන්න ඇති🥺" සෞම්‍යා අඩන්න වගේ.

" හරි බං උඹ බය වෙන්න එපා. මේකට උත්තර දියන් උඹට ඒ කොල්ලාව ඕනෙමද? " සද් ෆෝන් එක සෞම්‍යාගෙ අතට දෙන ගමන් ඇහුවා.

" මට තේරෙන්නේ නෑ "

" හරි බං. අඩන්න එපා. අපි ඕකට මොනා හරි කරමු."

"මේක නම් පබාට කියන්නම ඕනෙ👀" චතූ එහෙම කියලා ෆෝන් එක අතට ගත්තා.
_____________________________________

Paba💜

මෙයාත් සෞම්‍යාගෙයි, වතූගෙයි යාලුවෙක් තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයාත් සෞම්‍යාගෙයි, වතූගෙයි යාලුවෙක් තමයි. මෙයාලා හැමෝම එකම ඉස්කෝලෙ. පබා කොහොමත් හැම තිස්සෙම පාඩම් කර කර මයි ඉන්නෙ.
______________________________________
" මේ බං සෞම්‍යා දැන් ගොඩාක් වෙනස් වෙලානෙ" සතියකට පස්සෙ විතර යාලුවො ටික සෙට් වුණාම සමිදි චතූගෙන් ඇහුවා.
_____________________________________
Samidi💜

 _____________________________________Samidi💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සමිදි තමයි මේ සෙට් එකේ ඉන්න නිහඩම කෙල්ල. එච්චර කතා කරන්නෙ නම් නෑ. ඒත් හැමෝටම උදව් කරනවා.
______________________________________
" ඔව් බං. මට නම් හිතෙන්නෙ මේකි හැමදාම අඩනවාද කොහෙද අර බලපන් ඇස් දෙකත් රතු වෙලා.ඉස්සර හැම තිස්සෙම කියෝ කියෝ ඉන්න මේකි දැන් එච්චර කතාත් නෑ" සද් එහෙම කිව්වා.

"මේක හරි යන්නෙ නෑ බං. මේකි මෙහෙම හිටියොත් මොකක් හරි වෙයි. අපි මේකට මොනාද කරන්නෙ?" චතූ ඇහුවා.

"මේ ඔක්කොම ජන්කුක් නිසානෙ. මේකිට ඒ කොල්ලාව අමතක කරන්නත් බැරි නම් අපි මේකිව කොරියාවට එක්කන් යන්. එතකොට වත් බලමුකෝ"පබා කිව්වා.

" ඔව්. අපි එහෙම කරමු. තව අවුරුදු දෙකයිනෙ. උඹලා තුන් දෙනාට 18වුණ ගමන් යන්" ලොකු අක්කා සද් කිව්වා.

සෞම්‍යා නම් ඇත්තටම වෙනස් වෙලා තමයි. එච්චර කතා කරන්නෙත් නෑ, කාම්බරෙන් එලියට එන්නෙවත් නෑ, වෙලාවකට කන්නෙත් නෑ ඇයි මෙයාට මෙහෙම වුණේ කියලා හැමෝටම ප්‍රශ්නයක්. ඒත් යාලුවෝ ටික දන්නවා උනාට ඒක රහසක් විදිහට තියා ගත්තා. ඔහොම අවුරුදු දෙකක් ගියා. යාලුවො ටික පුලුවන් තරම් මහන්සි වුණා සෞම්‍යාව කොරියා එක්කන් යන්න. දැන් එයාලා කොරියාවට යන්න ලංකාවෙ Airport එකේ ඉන්නේ.

"අම්මෙ, ඔයා බය වෙන්න එපා. සද් අක්කාත් එනවානෙ. තනියෙන් නෙවෙයිනෙ මං යන්නේ‍😊" සෞම්‍යා අම්මා එක්ක කතා කර කර හිටියා.

"ඒකි ගොඩක් සතුටින් බං ඉන්නෙ" යාලුවො ටික කියෙව්වා.

ටික වෙලාවකින් එයාලා ගුවන්යානූට නැගලා කොරියාවට යන්න පිටත් වුණා. ඒත් සෞම්‍යා කාත් එක්කවත් කතා නොකර එලිය බලන් හිටියා. මෙච්චර කොරියාවට එක්කන් යද්දිත් ඇයි මේකි මෙහණම ඉන්නෙ කියලා යාලුවොන්ට හිතා ගන්න බැරි වුණා.

" අද ඉදන් මෙතන තමයි අපි ඉන්නේ.." නවතින තැනට ආවාම චතූ කිව්වා.

එතන ලොකු ගෙයක් නෙවෙයි කාම්බර දෙකයි, කුස්සියයි, පොඩි living room එකයි, එක washroom එකක් තමයි එහෙ තිබ්බෙ.

"සෞම්‍යා, දැන්වත් ඔහොම ඉන්න එක නවත්ත ගනින්කෝ." ඒ පබා.

"මට බයයි බං" සෞම්‍යා කිව්වා

"මොකටද බං බය වෙන්නෙ? " සමිදි ඇහුවා.

"ලංකාවේ ම හිටියා නම් හොදයි කියලා හිතෙනවා. මෙහෙට ඇවිල්ලා මට තව දුක් විදින්නයි වෙන්නෙ💔" සෞම්‍යා ජනේලෙන් එලිය බලලා කිව්වා.

"ඒ මොකෝ බං? "සද් ඇහුවා
____________________________________
Hi guys,
අපේ සෞම්‍යාට හැම තිස්සෙම ප්‍රශ්න නෙ. එයා කොහොමත් එහෙමයි පොඩි දේටත් අඩනවා. දන්නවා නම් කියන්න බලන්න සෞම්‍යා මොකටද ඒ බයයි කිව්වෙ කියලා.... 👀
Please Vote And Comment🥰💜

🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Where stories live. Discover now