_Chapter 10_ ( Last Chapter)...

532 56 8
                                    

එයාලා ගියාට පස්සේ ඕනීයි, සන්ග්යූයි මෙහෙම කතා කර කර හිටියා.

"අවුරුදු හතරකට විතර පස්සෙ තමයි ජන්කුක් හිනා වුණේ" සන්ග්යූ කිව්වා.

"සෞම්‍යාත් එහෙම තමයි ඉන්න ඇත්තේ" ඕනී මොනාද කල්පනා කරනවා.

"ඔයා දන්නවාද දෙයක්" ඕනී සන්ග්යූට කියන්න ගියා.

"මොකක්ද?"

"මේකයි මං සෞම්‍යාව හම්බ වෙන්න ගිය වෙලාවේ ප්‍රශ්න ටිකක් ඇහුවා."

"මොනාද මටත් කියන්නකෝ"

" මං ඇහුවා මේ ඇක්සිඩන්ට් එක වෙද්දි සෞම්‍යාගෙ වයස කීයද කියලා. එතකොට එයාට 23යිලු"

"ඉතින් ඇයි? එයාට තිබ්බානෙ ආයෙත් marry කරන්න. "

"ඔන්න ඔය ප්‍රශ්නෙමයි මටත් තිබ්බේ ඉතින් මං ඇහුවා. එයා කියනවා එයා කොහෙත්ම ඒකට කැමති වෙන්නේ නෑලු එහෙම වුණොත් අර චූටි බබා කොන් වෙනවාලු. ඊටත් වඩා එයාට තව හේතුවක් තිබ්බා එයා කුකී හැර ඒ තැන වෙන කාටවත්ම දෙන්නෙත් නෑලු දෙන්නත් බෑලු. මට දුක හිතුනා"

" එයාලා ගොඩාක් ආදරෙන් ඉන්න ඇති "සන්ග්යූ කිව්වා.

" ඔව් ඒ වගේම ඒ කාලේ BTS membersලා එයාව බලාගත්තලු. ඒත් එයා එයාලටත් වදයක් වෙන්න හොද නෑ කියලා මෙහෙට ආවලු"

" ඒ කියන්නේ මෙච්චර කල් ජන්කුක්ගෙ ලගමයි ඉදලා තියෙන්නේ. එහා city එකේනේ"සන්ග්වූ කල්පනා කරා.

" දැන් ඉතින් ඔක්කොම හරිනේ.. "ඕනී හිනා වුණා.

ඔහොම ටික දවසක් ගියා.සෞම්‍යාගෙයි කුකීගෙයි ජීවිතේ ආයෙත් ලස්සන වුණා. ඒ වගේ ජන්ග්සන්ටත් එයාගේ dadව හම්බ වුණානේ... ඉතින් එයාලා ඇවිදින්න ගියා, සිංදු කිව්වා, ගොඩාක් සතුටින් හිටියා. ඉතින් එක දවසක් රෑ ඔහොම එයාලා නිදා ගන්න ගිහින් ඉද්දි සෞම්‍යායි කුකීයි කතා කර කර හිටියා.

"මගේ ජීවිතේ ආයෙත් මෙහෙම ලස්සන වෙයි කියලා මං හිතුවෙවත් නෑ" කුකී සෞම්‍යා දිහා බලලා කිව්වා.

"මං දන්නවා. ඔයා කවදහරි මට හම්බ වෙයි කියලා ඒකයි මං බලන් හිටියේ" සෞම්‍යා කුකීට තුරුල් වුණා.

"මේ ඒක නෙවෙයි. කිස් එකක් දෙන්නකෝ.." ඔන්න කුකී හුරතල් වෙනවා.

"පොඩි එකෙක් වෙන්න එපා මෝඩයෝ මේ පොඩි එක්කෙනාත් ඉන්නවා" සෞම්‍යාට ලැජ්ජ හිතිලා.

"චූටි බබා දොයි නේ. අනේ එකක්? " කුකීගෙන් නම් බේරෙන්න බෑ වගේ.

" මෙහෙට එනවා මගේ කුකී.. " එහෙම කියලා සෞම්‍යා කුකීව කිස් කරා.

ඊට පස්සේ ඉතින් එයාලා හැමදාම එකටම හිටියා...

The End....

______________________________________
Hi guys,
ඔන්න ඒ ස්ටෝරි එක ඉවරයි. මුල ඉදන් මගේ ස්ටෝරි එක කියෙව්ව ඔයාලාට ගොඩක් තෑන්ක්ස් 💞사랑해 아미🥰💜

මේ තියෙන්නේ Still With You Song එක. My Favorite 🥺💞. කතාවෙ අන්තිමට මේකත් බලලා යන්නකෝ එහෙනම්🥰

Please Vote And Comment 🥰💜

🎉 You've finished reading 🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) 🎉
🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Where stories live. Discover now