1st episode

259 32 36
                                    

නැගිටිනව මැට්ටි....... කෝ මගෙ brush එක.

අයියෝ මොකාද මේ මගේ රාජකීය නින්දට බාදා කරන්නෙ.? අහ් මේ කේමලේ නෙහ්. අපේ නංගි

මෙහ් කේමලේ ඔයා හිතුවද ඔයාගෙ අර පරණ ගදගහන barbie brush එකෙං මම දත් මදියි කියල ඈ?

අනික අහගන්නව.! මම අන්තිමට දත් මැද්දෙ මම අන්තිමට තිසූලගෙ ගෙදර ගියපු දවසෙ. ඉරිදා! එතකොට අද බදාද.

අපි දෙන්නගෙ සාම සාකච්ඡාව ඇහිලද කොහෙද අම්ම අපේ කාමරේට කඩාගෙන පැන්නා.

පුදුමයි! අද අම්මගෙ සද්දයක් නෑ.

දෙන්නම ලෑස්ති වෙන්න අද අපි shopping යන්නයි හදන්නෙ.  

ටිකවෙලාවක් යනකල් අපේ කාමරේ පුරා ප්‍රීතිගෝසාවක් ඇහුන. අපේ නංගිගෙ. අදනම් මහ එපා කරපු දවසක්.හැබැයි පොඩි අමුත්තකුත් තීනව. අපේ අම්ම ජීවිතේට අපේ නංගිව  shopping එක්කන් යනෑනෙහ්. මොකක් හරි කොස්සක් තියනව.

මම twitter ගිහිං updates බැලුවා. හ්ම්ම්... යන්තම් j hope ගෙන් update එකක්. එයාල හැමෝම සතුටින්.

එයාලව අන්තිමට දැකපු වෙලාව තාම මතකයි. අහ් ඇයි මගෙ phone එක. මේක දුන්නෙත් jin නෙහ්. මම phone එක කරකව කරකව හිටියා.

දෝනි. ඔයා ලෑස්තිද?

අහ් .... අම්මා ඇයි අපි හදිසියේ ඇදුම් ගන්න යන්නෙ? අවුරුදු ඇවිල්ල මාස තුනක් වෙනවනි.

අහ් මං ඒක ඔයාට කිව්වෙ නැද්අහ් . අමතක උනානෙ. fela aunty ගෙ wedding එක ලබන සිකුරාදලු. අපිට ඉක්මනට germany යන්න වෙනව.අහ් අපිත් එක්ක තව තිසූත් එනව. මම එයාලගෙ අම්මට ඊයෙ රෑ call කලා

අනේ දෙයියනේ.! මම දන්නවා සාමාන්‍ය ගෑනු ලමයෙක් වශයෙන් මේ අවස්ථාවේදී උඩ පැන පැන නටන්න ඕනෙ කියල. මොකද ඔයාලගෙ අම්ම කිව්වොත් එහෙම "අපි වෙන රටකට යනෝ " කියල ඒක සතුටු වෙන්න ඕන කාරනාවක්නම් තමයි. එතකොට ඔයත් එක්ක ඔයාගෙ බෙස්ටියත් එක්ක යනව කිව්වම.

ඒත් මේක එහෙම වෙලාවක් නෙමේ. මොකද මම එහෙ යන්න කොච්චර හිත හදාගත්තත්, fela aunty ගෙ අක්කගෙ , ඒ කියන්නෙ අපෙ අම්මගෙ ලොක්කක්කට ඉන්න වසවර්තී යක්ස දුවල පුතාල ටික මතක් වෙද්දි මගේ පපුව බෙර ගහන්න ගන්නව. 

Possible (J) Hopes2Where stories live. Discover now