14 th episode

155 27 15
                                    

ඊයෙ දවසත් මහ අමුතුයි. Wedding එකත් ඉවරයි. හ්ම්ම්ම්..........
මහ කම්මැලියි අයියෝ. ඒ මදිවට මේ සීතල හින්ද අතක්පයක් වත් හොලවන්න බෑ.

මම කේමලේ බාතෲම් එකේ ඉදන් එනකල් මනෝ පාරක් ගහගෙන හිටියා.
තිසුවත් ආගිය අතක් නෑ. මං නැගිටිද්දි අම්මගෙන් ඇහුවම අම්මනම් කිව්වෙ counter එක ලගට ගියා කියල. බලන්න දෙයක් නෑ. අසල්වාසීන් සමග සාම සාකච්ඡාවක ඇති.

මට යන්න විදිහක් නෑ ඉතිම්. මොකද මම මාගේ මුවකමල දෝවනය කරල නෑ තාම. හොබී මාව මෙහෙම දැක්කොත් කෑ ගහයි බයටම.

දෝඕඕඕඕ ණීඉ..........

ඇයි අම්මේ?

තිසූ තාම ආවෙ නෑ. පොඩ්ඩක් බලල එනවද?

අහ් මං තාම මූන හෝදල නෑ. අය්යො. තාත්තව යැව්වනං හරි හී......

තාත්ත fela aunty ලගෙ ගෙදර ගියා. මමත් නංගි එනකල් ඉන්නෙ මූන හෝදන්න. අනේ ice cap එක දාගෙන ගිහින් බලල එන්නකො දෝනි. දැන් විනාඩි තිහක් විතර.

ඔය කඩා පාත් උනේ උදේ පාන්දරම මරාලයක්. මං දැන් කෝමද අයියෝ මේ ලෝකෙට මූන දෙන්නෙ. ලෝකෙට කෙසේ වෙතත් මං කෝමද අයියෝ hoby ට මූන දෙන්නෙ. හරි කමක් නෑ.

Mission එකට ලෑස්ති වෙමු!

Icecap - ready
Jersy -ready
කුක්කගෙ බාල්දි තොප්පිය - ready
අන්තිමට...........
අහ් තව ටිකෙන් වැදගත්ම සාදකේ අමතක වෙනව

හොබ් දීපු කොන්ඩ කස්ට -ready
ඔන්න ඔහෙ sunglasses ත් දාමුකො.

මම හිමීට දොර ඇරියා. ෆූ.... කවුරුත් එලියෙ නෑ.

ඊටපස්සෙ මම දොරට කන තිබ්බා.

බ්සිනෙ ඩොඑල්ව්ම්මෙබ්ඩ්ක්ෆොඒබ්ව්බ්ව්ව් ක්ඩ්ජ්බ්ව්ස්බෙ ඉඩ් ර්රොඑක්ල්ව්බ්ස් ඔවෙඩ්බෙඔර්ජේ හ ජ හාආආඅ ඔඩ්ඩ්ම්ඩ්ක්ෆ්ක්ෆ්න්ෆ්ෆ්ක්ෆ්න්ෆ්ප්ෆ්ෆ් හි හි.

අප්පෝ. තිසූ ඇතුලෙ තමා අනිවාරෙන්.
එහෙනම් දැන්තමා අමාරුම කොටස.

ටොක් ටොක්.

සද්දයක් නෑ.

තප්පරයක් දෙකක් තුනක් හතරක් .........

ක්‍රෑං

දොර ඇරුනා.

ඔහ් මොකාද මෙ? ආශ්! මං අහවල් එකටද sunglasses දැම්මේ? Icecap එකට ඇස්දෙක වැහිලා. ඔන්න ඔහෙ අනුමාන කරල කියනව ( දැනුයි මට තේරෙන්නෙ maths වලට අනුමානෙ කියල පාඩමක් තිබ්බෙ ඇයි කියල)

Possible (J) Hopes2Where stories live. Discover now