දිවයුර වෙර 2

1.6K 314 196
                                    

සුග්‍රීව , කුලීන අසපුව තුළට ඇවිද ආවේ ය. කුලීන අසපුව වනාහී ප්‍රධාන මුනි පුත්‍රයන් සදහා වෙන් වූ අසපු පරිශ්‍රය විය .

සුග්‍රීව ඍජුව සිය කුටිය වෙත යාමට සැරසුණ ද , ඔහු තමාට යාබ ද කුටිය වූ ථිතගේ කුටිය අසළ ඔහුගේ දෙපා මොහොතකට නැවතුණි . කුඩා කළ ථිත රාත්‍රියේ හඩමින් සිය කුටිය වෙත තමා සොයාගෙන බැවින් සුග්‍රීව , ථිත සොළොස් හැවිරිදි වනතුරුම ඔහුගේ කුටියෙහි සැතපුණේ ය. නැතිනම් ථිත සුග්‍රීවගේ කුටියෙහි විය . සොළොස් හැවිරිදි වියෙන් පසුව සුග්‍රීව ථිතගේ කුටිය දැක හෝ නොතිබුණේ ය.

ඔහු සිය කුටියට යාම මදකට පසෙකලා ථිතගේ කුටිය අසළට ගියේ ය. ඔහු ද්වාරය වෙත තට්ටු කළේ ථිත වෙත ආමන්ත්‍රණය කරමිනි . කුටිය තුළ පහන් දල්වා තිබුණ ද ඉන් කිසිදු ශබ්දයක් නොවී ය. සුග්‍රීව පැකිළීමකින් තොරව ද්වාරය විවර කළේ ය. තමා කුමක් සිදු කළ ද ථිත කීකරුවනවා විනා බැන නොවදින වග සුග්‍රීව දැන සිටියේ ය.

කුටිය සම්පූර්ණයෙන්ම පාළුවට ගොසින් තිබුණි . සුග්‍රීව බොහෝ කලකින් දුටු කුටිය පුරාම සිය දෑස් යැව්වේ ය. ථිත , සැබවින්ම පිළිවෙල විය . ඔහුගේ කුටිය තරමක් අදුරු වූ මුත් එහි බිත්තිවල තැනින් තැන මැටියොදා සිතුවම් පුවරු සකස් කර සිතුවම් ඇද තිබෙනු සුග්‍රීව දුටුවේ ය. ථිතගේ සිතුවම් හැකියාව ඔහු මද වශයෙන් දැන සිටිය ද , වෛශව අසපුවේ සිතුවම් වැනි කලාත්මක හැකියාවන් සදහා එතරම් ඉඩකඩ නොවූ බැවින් ඔහු එය අතහැර දැමූ වග සුග්‍රීව සිතා සිටියේ ය .

එය සයනය අසළ සිට ඉහළට බිනර මල් සිතුවම් කර තිබෙනු දැකිය හැකි විය. අනෙක් පස සිතුවම් කර තිබූ අලංකාර පරිසරය , වෛශව අසපුවේම රත්‍රන් මාත්ස්‍ය උද්‍යානය වග සුග්‍රීව හැදින්නේ ය. ථිත සීමිත වර්ණයන් භාවිතයෙන් එය සිතුවමට නගා තිබුණ ද එය සැබවින්ම අලංකාර විය . එහි ඇසළ මල් හා බිනර මල් වෛශව අසපුවට ආවේණික සංකේතයන් බදු විය .

ථිතගේ සන්තූර වාද්‍ය භාණ්ඩය සයනය මත ඔහේ ඇතහැර දමා තිබූ අතර එය කුඩා ශිලා මේසය මත වූ තල්පත් හා පන්හිද දෙස ද සුග්‍රීවගේ දෑස් යොමු විය . එහි සාහිත්‍ය පුස්තක කිහිපයක් ද වූ අතර සුග්‍රීවගේ මුහුණෙහි සෞම්‍ය සිනහාවක් ඇදී ගියේ ය. ඔහු ඒ දෙසට නැඹුරු වී සුග්‍රීව කුමක් හෝ කුරුටු හා තිබූ එක් තල්පතක් සුරතට ගත්තේ ය. ථිතගේ අවිධිමත් අක්ෂර සුග්‍රීව පහසුවෙන් කියෙව්වේ ය. ථිතගේ අක්ෂර කියවීමට හැක්කේ ද තමාට පමණක් වග සුග්‍රීව දැන සිටියේ ය. ඔහුගේ අක්ෂර ඒ තරම්ම අවිධිමත් විය .

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now