අරුත් පැහැදිලි කිරීම් _ 1 _

951 140 15
                                    

දිවයුරු වෙර ගලාගෙන යන්නේ, සෑහෙන්න කවි ව්‍යංගයන් සමගිනි. එකී කවි ව්‍යංගයන් සියලු දෙනා හදුනාගත්තා යැයි නොසිතමි.

_1 පරිච්ඡේදය_

'' ඔහු ප්‍රධාන අසපු කුටියෙන් පිටතට පැමිණ උද්‍යානයේ වූ පොකුණ දෙසට දෑස් යොමු කළේ ය. එහි පොකුණ අසල වූ ඇසළ ගසෙහි මල් කිනිති චලනය වෙමින් පොකුණෙහි චංචල ඡායාවන් අැතිකරනු සුග්‍රීව සෞම්‍ය මුහුණින් බලා සිටියේ ය. ''

සිය විවාහය පිළිබද සිත හදාගන්නා සුග්‍රීව , ප්‍රධාන කුටියෙන් පිටතට පැමිණෙන්නේ සිය විවාහ ජීවිතය හුදෙක් එක් රාජකාරී දිවියක් කර ගැනීමේ අරමුණිනි. එහිදී ඔහු තමාගේ සිතිවිලි සෞම්‍ය යැයි සිතා සිටී. නමුත් පොකුණ මත වැටුනු ඇසළ මල් ඇති කළ චංචල ඡායාවන් දෙස මොහොතක් බලා සිටිමින් , තමාගේ ඇතුළාන්තයේ සිත මේ අයුරින්ම චංචල නොවේදැයි සුග්‍රීව කල්පනා කරයි.

_ 2 පරිච්ඡේදය _

'' එහි සයනය අසළ සිට ඉහළට බිනර මල් සිතුවම් කර තිබෙනු දැකිය හැකි විය. අනෙක් පස සිතුවම් කර තිබූ අලංකාර පරිසරය , වෛශව අසපුවේම රත්‍රන් මාත්ස්‍ය උද්‍යානය වග සුග්‍රීව හැදින්නේ ය. ''

ථිතගේ සයනය අසළ සිට ඉහළ බිත්තිවල සිතුවම් කර තිබෙන්නේ බිනර කුසුම් වේ. රාත්‍රියේ නින්දේදී පවා බිනර කුසුම්හි දර්ශනය ථිත ප්‍රිය කළ අතර , ඔහු බිනර කුසුම ලෙසින් අදහස් කරන්නේ සිය ඒකපාර්ශ්වික ප්‍රේමය වූ සුග්‍රීව අය්යණ්ඩි විය. තවත් කරුණක් නම් , සොළොස් විය වනතුරුම , ථිත රාත්‍රීයේ සිහිනෙන් බිය වූ අතර, සුග්‍රීව ඔහු හා සැතපීමට හුරුව සිටියේ ය. සොළොස් වියේදී මෙකී පුරුද්ද අතහැරී යාමෙන් , තමා රාත්‍රියේ නින්දෙන් ඇහැරෙන අවස්ථාවලදී , බිනර කුසුම් දැකීමෙන් සිත සන්සුන් කර ගැනීමට ථිතට ඇවැසි විය.

'' ථිතගේ අවිධිමත් අක්ෂර සුග්‍රීව පහසුවෙන් කියෙව්වේ ය. ථිතගේ අක්ෂර කියවීමට හැක්කේ ද තමාට පමණක් වග සුග්‍රීව දැන සිටියේ ය. ඔහුගේ අක්ෂර ඒ තරම්ම අවිධිමත් විය . ''

ථිතගේ අවිධිමත් අක්ෂර කියවීමට හැකි වූයේ සුග්‍රීවට පමණක්ම විය. ඉදින් , යම් අයෙක් මෙකී තල්පත්වල කාව්‍යයන් කියවන්නේ නම් , ඒ තැනැත්තා සුග්‍රීවම පමණක් විය යුතු බව ථිත සිතන්නට ඇත. සිය අවිධිමත් අක්ෂරවලින් ගෙතුණු කවි , කියවිය හැක්කේ සුග්‍රීවටම පමණි නම් , ඉදින් ඒ කවි අන්කවරෙකුට සුග්‍රීවට මිස ?

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now