දිවයුරු වෙර 4

1.8K 296 348
                                    

'' ද්වාරය විවෘතයි අය්යණ්ඩි.. '' ථිත පවසනු සුග්‍රීව අසා සිටියේ ය. ඔහු ද්වාරය විවර කිරීමට මදක් පැකිළුණේ ය. තමා නිසැකවම නැවත පැමිණෙන වග ථිත දැන සිටියේ කෙසේ දැයි සුග්‍රීව නොදැනුවත් විය. ඔහු තවත් කිසිවක් සිතීමට පෙර ථිත ද්වාරය විවර කළේ ය.

සුග්‍රීව, ථිත වෙත කිසිවක් නොපවසා ඔහුව වික්ෂිප්ත ස්වභාවයට පත් කරමින් කුටිය තුළට පිවිසියේ කිසිදු විමසීමකින් තොරවයි . ඔහු කවුළුව දෙසට ගොස් ඒ අතරින් පිටත ද බලා කිසිවෙකු නොමැති වග තහවුරු කරගත්තේ ය.

ඔහු අනතුරුව සුසුමක් හෙළා තවමත් තමා දෙස බලා සිටි ථිත දෙසට හැරුණි .

'' ථිත.. ඔබ සතුව.. අහ්ම්.. මධුවිත තිබේ ද ? '' සුග්‍රීව විමසුවේ ථිත තිගැස්සීමට පත් කරමිනි .

ඉදහිට පිළිසදරක යෙදෙමින් රහමෙර ස්වල්පයක් පානය කිරීම සුග්‍රීව හා ථිත දෙදෙනාම සිව් වසරකට පෙර පමණ සිට සිදුකිරීමට හුරුව සිිටිය ද බොහෝ කලකින් ඔවුන්ට ඒ සදහා අවස්ථාව හිමි නොවී ය.

සුළු සුළු නීති කැඩීම් ඔවුන් දෙදෙනා සෑම විටම එක්ව සිදුකළ අතර සිය බාල සොහොයුරන්ගෙන් ද දැඩි ලෙස ප්‍රවේසම් විය. වරක් ඔවුන් දෙදෙනා එක්වවෛශව අසපුවේ මුළුතැන්ගෙයින් පැණි වළලු සොරකම් කිරීමට ගොස්  කුඩා සොහොයුරෙක් වූ මිගාරට හසුවුව ද ඔහුට විවිධ මුසා පවසා ඔහුට ද පැණිවළලක් දී ඔහුව එකග කරවා ගත්තේ ය.

ථිත සිය කුටියෙහි සගවා තිබූ අලංකාර ගුරුලේත්තු බදුන ශිලා මේසය මතින් තැබුවේ නිහඩවම සුග්‍රීවහට අසුන් ගන්නා  ලෙස අගවමිනි . ඔහු සුග්‍රීවගේ කුඩා මැටි බදුනට මධුවිත පිරවූ අතර සුග්‍රීව පානය කිරීමට සැරසෙත්ම මදකට ඔහුව වැළැක්වූයේ ය.

'' අය්යණ්ඩි.. ඔබට විශ්වාස ද හෙට දින පියාණන්.... '' ථිත පැවසීමට ගිය කරුණ ගිල ගත්තේ සුග්‍රීව ථිත දෙස රවා බැලූ නිසාවෙනි .

සුග්‍රීව , ථිත විසින් සිය මැටි බදුනට දැමූ මධුවිත ඔහුගේ ඉදිරියේ තබා ඔහුට පිළිගන්වා ඒ වෙනුවට සම්පූර්ණ ගුරුලේත්තුව දෑතින්ම ඔසවා ගත්තේ ථිත වික්ෂිප්ත කරමිනි . ඔහු ථිත වෙත කුඩා මධුවිත බදුන ඉතිරි කරමින් එක හුස්මට ගුරුලේත්තුවෙහි වූ මධුවිත සිය මුවට හලා ගත්තේ ය.

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now