- පසුවදන -

1.1K 217 92
                                    

පසුවදන

* එතැන් සිට සත් වසරක් ගතවන තුරුම සුග්‍රීවගේ හා ථිතගේ මෙකී සම්බන්ධය රහසක් වූ අතර , ථිත වනාහී ම්‍යාන මුනිගේ පුත්‍රයෙකු නොවූ වග දැන සිටියේ ඔවුන්ගෙන් පසු වැඩිමහල් මිධුනාථ හා භීෂ දෙදෙනා පමණක් විය .

*සත්වසරකට පසු , සක්වල චක්‍රය හඹායාමේ ප්‍රතිඵලයන් ලෙස වෛශව අසපුව ගිනි තබා විනාශ කරන අතර , එහිදී ථිත ද ගින්නට හසුව දරුණු පිළිස්සුම් තුවාල ලබයි. සුග්‍රීව උත්සහය අත නොහැර ථිතව ගළවාගන්නා අතර සුග්‍රීවගේ සමස්ත වම් හස්තයම දරුණු ඝනයේ පිළිස්සුමකට හසුවේ . ථිතගේ සවන අසළ සිට ගෙල තෙක්ම කඩවසම් මුහුණෙහි කොපුලෙහි කුඩා පෙදෙසක්ද වසාගනිමින් පිළිස්සුම් තුවාල තිබෙනා අතර සුග්‍රීවගේ පැහැපත් හස්තය වසාගත් පිළිස්සුම් කැළැල් ද සමගින් වම් හස්තයෙහි සංවේදනයන් ද අහිමිව යයි.

* වෛශව අසපුව ගිනිබත් වීමෙන් පසු වසර ත්‍රිත්වයකින් සුග්‍රීව - ථිත දෙදෙනා කාල -දිය- පොකුණ අාශ්‍රමයේ දී රහසේ විවාහ වන අතර , ඔවුන්ට බාධාවක් වීමට ම්‍යාන මුනි හා නිථිලා දේවිය යනාදී කිසිවෙකුත් ජීවතුන් අතර නොමැති විය.

*ස්වප්නාදී , පසුකලෙක භාසුර නැමැති සෙන්පති හා පෙමින් වෙලී ඔහු හා විවාහ වන අතර , භාසුරගේ මරණයෙන් පසු ද ස්වප්නාදී ස්වාධීන ලෙස නොසැලී දීඝ අසපුවේ පාලන කටයුතුවල නිරත වන බැවින් ඔවුන් දෙපළගේ පුතු වූ සත් හැවිරිදි ධනුර්මාන සුග්‍රීව - ථිත දෙදෙනා භාරයට පත් වේ.

[ පහසුව සදහා සියලු කවි හා ඒවායෙහි දල තේරුම් මෙලෙස උපුටා තබමි ]

[1] '' බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි.
දිවයුරු වෙර පරදවා දැමුණි . ''

අර්ථය - බිනර කුසුම් අතර , ඔහුගේ රූපය දුටුවෙමි . සුර්යයාගේ රශ්මිය එකී රුව විසින් පැරදවී ය.

[2] රෝ මියුරු සිලිල සද... ‍ගිම් නිවල අම නදිය...
නජ්වලිත තාරුකා පොකුර'තර ...
දිවයුර සේ වෙරකි...
නුඹ..
මධුර යදමකි.... සිත මංමුලා කළ..

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now