'' සුග්‍රීව.... !! '' ස්වප්නාදීගේ හඩ එවර සුග්‍රීව පියවි සිහියට රැගෙන ආවේ ය.
'' ඔහු ඔසවන්න ... උපාකර කරන්න.. '' ස්වප්නාදී කලබලකාරී ලෙස පැවසුව ද ථිතගේ නිසල සිරුර අසළට යාමට තමා ද්වාරය අත් හැරීමට හෝ සුග්‍රීව සිහියෙන් නොවී ය. එවර ස්වප්නාදී කිසිවක් නොපවසාම අපහසුවෙන් ථිත ඔසවා ඔහුගේ සයනය මතින් තබනු සුග්‍රීව ප්‍රශ්නාර්ථයෙන් බලා සිටියේ ය.
'' ස්වප්නාදී,.'' සිය බිදී ගිය හඩ සියලුම මුනි ශිෂ්‍යයන් ද තිගස්සවමින් මුවින් පිටතට ආ ආකාරය සුග්‍රීව නොතැකුවේ ය. ඔහු තවමත් එතරම්ම කම්පනයෙන් විය . ස්වප්නාදී ඔහුට පෙරළා පිළිතුරු දීමට වෙහෙස නොවූ අතර ඇය කලබලයෙන් කුටියෙහි වූ සදුන් ධූම බදුන සුරතට ගෙන එහි වූ සදුන් කුටිය මධ්‍යයේම බිමට හලා තමා සතුවූ කුඩා ඖෂධ ගුලියක් එය තුළට තමා ඉක්මනින්ම එය දැල්වූයේ එහි ධූමය සකස් කරමිනි . ඇය ධූමය ථිතගේ නිසල සිරුරෙහි නාසය අසළට අල්ලා එය ඔහුට ආඝ්‍රණය කරවීමට අසාර්ථක උත්සහයක් ගත්තා ය.
ඇයට කුමක් හෝ බලාපොරොත්තුවක් ඇති වග වටහා ගත් සුග්‍රීව ද ඉක්මනින් සයනය අසළ දණ ගසා ගත්තේ සිය වේදනාවන් සියල්ල පසෙකලමිනි . ඔහු සිය තවමත් වෙව්ලන දෑතින් ථිතගේ නාඩි පිරික්සුවේ ය. ඔහුගේ හස්තයෙහි වූ දැඩි සිතල සුග්‍රීවගේ සිත කම්පනය පත් කළ අතර සුගීවගේ මුහුණ නැවතත් අදුරුව ගියේ ථිතගේ නාඩි වැටීම සම්පූර්ණයෙන්ම නැවතී ඇති වග වටහා ගැනීමෙනි . සිය කොපුල් ඔස්සේ ඔස්සේ වර්ෂාවකින් තොරවම කදුළු ගලා යනු සුග්‍රීවට දැනුණු අතර ඔහු එවර ථිතගේ නිසල හස්තය මත සිය නළල තබාගත්තේ රිසි ලෙස හඩමිනි . ඔහු සිය දෑතින්ම ථිතගේ රළු ශීතල හස්තය දැඩිව අල්ලා ගනිමින් දිගටම ඉකි බින්දේ ද්වාරය අසළ සිටි සියලුම මුනි පුත්‍රයන් ද කම්පනය කරමිනි .
'' සියලු දෙනා පිටවනවා තම තමන්ගේ කුටිවලට... '' ඔවුන්ගෙන් පසු එහි සිටි සිය වැඩිමහල්ම සොයුරා භීෂ එහි සිටි අන් මුනි පුත්‍රයන්ට රෞද්‍රව කෑගසන ශබ්ද සුග්‍රීවට ඇසුණි .
'' පිටවෙනවා... තමුන්ගේ වැඩක් බලා ගන්නවා '' ප්‍රථම වතාවට මිධුනාථ ද භීෂ හා යමකට එකග වෙමින්, ඔහුගේ රෞද්‍ර ස්වරයෙන් කුඩා මුනි ශිෂ්‍යයන්ට බැන වදිමින් ඔවුන් එලවා දමනු සුග්‍රීවට ශ්‍රවණය නොවූ තරම් විය . ඔහු ථිතගේ හස්තය මත සිය නළල තබාගෙන ඉන් දැඩිව අල්ලාගෙන ඉකි ගැසුවේ ය. සිය ඉකිගැසීම් තමාගේ පාලනයකින් තොර වග සුග්‍රීව දැන සිටියේ ය. ථිතගේ හස්තයෙහි වූ සීතල හේ කම්පනය කරමින් තම සිත ද සීතල කර දමනු සුග්‍රීවට දැනුණි . ඔහු අඩහෝරාවක්ම යනතුරු තමාට රිසි සේ ථිතගේ සීතල හස්තයෙන් දැඩිව අල්ලාගෙන හැඩුවේ ය.

KAMU SEDANG MEMBACA
🌸 දිවයුරු වෙර 🌸
Fiksi Sejarah𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැමුණි... - අග්නි පසුබිම් කතාංගයකි . - [ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න ] 🌸 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම ප...